නව නාවික පාලක ප්‍රධාන සුළු නිලධාරි ලෙස පාලක ප්‍රධාන සුළු නිලධාරි ඒඑච්ඩී වීරතුංග පත් කෙරේ
ශ්‍රී ලංකා නාවික හමුදාවේ නව නාවික පාලක ප්‍රධාන සුළු නිලධාරි (MASTER CHIEF PETTY OFFICER OF NAVY - MCPON) ලෙස, පාලක ප්‍රධාන සුළු නිලධාරි ඒඑච්ඩී වීරතුංග යන ජ්‍යේෂ්ඨ නාවිකයා 2025 සැප්තැම්බර් මස 18 වැනි දින පත් කෙරුණු අතර, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් කාන්චන බානගොඩ විසින් එම තනතුරට අදාල අත් පළඳනාව සහ යෂ්ඨිය නාවික පාලක ප්‍රධාන සුළු නිලධාරි ඒඑච්ඩී වීරතුංග වෙත පිරිනමා, ඔහු වෙත සුභාශිංසන පිරිනැමීම, නාවික හමුදා මූලස්ථානයේදී සිදු කෙරිණි.
ඒ අනුව, මීට පෙර නාවික පාලක ප්‍රධාන සුළු නිලධාරි ලෙස කටයුතු කළ, පාලක ප්‍රධාන සුළු නිලධාරි පිආර්එම්ජිබි පුස්සලමංකඩ යන ජ්‍යෙෂ්ඨ නාවිකයා නාවික හමුදාවෙන් විශ්‍රාම ගැනීමට නියමිත බැවින්, නව නාවික පාලක ප්‍රධාන සුළු නිලධාරි ලෙස, පාලක ප්‍රධාන සුළු නිලධාරි ඒඑච්ඩී වීරතුංග යන ජ්‍යේෂ්ඨ නාවිකයා මෙලෙස පත් කෙරිණි.
නාවිකයන්ගේ සුභසාධන, පුහුණුවීම් සහ පරිපාලනමය කටයුතු වඩාත් කාර්යක්ෂමව සිදු කිරීම සහ ගුණාත්මක භාවය වර්ධනය කිරීම සඳහා අවශ්‍ය පියවර කඩිනමින් ගැනීම සඳහා, නාවික පාලක ප්‍රධාන සුළු නිලධාරි හට නිසි මඟින් කරුණු ඉදිරිපත් කිරීමට හැකියාව ඇති අතර, එම තනතුර සඳහා පත්වන ජ්‍යේෂ්ඨ නාවිකයා විසින් රාජකාරී උත්සව, සරඹ සහ වෙනත් එවැනි අවස්ථාවන්හීදී නාවික හමුදාව නියෝජනය කරනු ලබන ජ්‍යේෂ්ඨතම නාවිකයා ලෙස එම අවස්තාවන් සඳහා සහභාගී වීමට අවස්තාව හිමිවේ.
තවද, මෙම අවස්ථාව සඳහා අධ්යක්ෂ ජෙනරාල් පුද්ගල රියර් අද්මිරාල් සංජීව ප්‍රේමරත්න ඇතුළු නාවික හමුදා මූලස්ථානයේ ජ්‍යේෂ්ඨ නිලධාරීන් පිරිසක් සහභාගී වී සිටියහ.