නාවික හමුදාව මඟින් විශේෂ ජංගම දන්ත වෛද්‍ය සායන මාලාවක් අනුරාධපුරයේදී පවත්වයි
ශ්‍රී ලංකා නාවික හමුදාවේ තවත් සමාජීය මෙහෙවරක් ලෙස සංවිධානය කළ විශේෂ ජංගම දන්ත වෛද්‍ය සායන මාලාවක් 2025 සැප්තැම්බර් මස 16 සිට 22 දක්වා අනුරාධපුර දිස්ත්‍රීක්කය තුල සාර්ථකව පැවැත්විණි.
ඒ අනුව, නාවික හමුදා දන්ත වෛද්‍ය දෙපාර්තමේන්තුව විසින් සංවිධානය කල මෙම දන්ත වෛද්‍ය සායන මාලාව; අනුරාධපුර කැටකාලේ විද්‍යාලය, අදම්පන් මධ්‍ය මහා විද්‍යාලය සහ නොච්චියාගම විද්‍යාලෝක මහා විද්‍යාලය යන පාසල් ආවරණය වන පරිදි, සිසු දරු දැරියන් සහ සිවිල් ප්‍රජාවගේ සහභාගීත්වයෙන් පැවැත්විණි.
තවද, මෙම දන්ත වෛද්‍ය සායන සඳහා සහභාගී වූ පාසල් දරුදැරියන් සහ සිවිල් ප්‍රජාව වෙත නොමිලේ දන්ත පරීක්‍ෂා කිරීම හා පිරිසිදු කිරීම ඇතුළු දන්ත සෞඛ්‍ය සේවාවන් ලබා ගැනීමට අවස්ථාව උදාවු අතර, එම සායනයේදී දන්ත සෞඛ්‍ය ඉහල නැංවීම සහ නිසි මුඛ සෞඛ්‍ය පිළිවෙත් පිළිබඳ ප්‍රජාව දැනුවත් කිරීමද සිදුකෙරුණි.