වෙනස්වන ගතිකත්වයන් හමුවේ ඉන්දීය සාගර කලාපීය සමුද්‍රීය දැක්ම පිලිබඳ 12 වන ගාලු කථිකාවේදී ඵලදායි හා විද්වත් සාකච්ඡා සාර්ථකව පැවැත්වේ
ශ්‍රී ලංකා නාවික හමුදාව, ආරක්‍ෂක අමාත්‍යාංශය හා එක්ව දොළොස්වැනි (12) වරටත් සංවිධානය කරනු ලබන ගාලු කථීකාව ජාත්‍යන්තර සමුද්‍රීය සම්මන්ත්‍රණය වැලිසර, Wave n' Lake උත්සව ශාලාවේදී, ශ්‍රී ලංකාව ඇතුළු රාජ්‍යන් 37 ක සහ ජාත්‍යන්තර සංවිධානයන්ගේ සමුද්‍රීය පාර්ශ්වකරුවන්, නියෝජිතයින් හා සමුද්‍රීය ආරක්‍ෂක විද්වතුන් රැසකගේ සහභාගීත්වයෙන් 2025 සැප්තැම්බර් මස 24 වැනි දින ආරම්භ වූ අතර, ‘Maritime Outlook of the Indian Ocean under Changing Dynamics’ යන තේමාවට අදාලව පැවති සමාරම්භක සැසිය ඇතුළු සැසි තුනක් යටතේ සිදුකෙරුණු විද්වත් සාකච්ඡාවකින් අනතුරුව, සම්මන්ත්‍රණයේ පළමු දිනය සාර්ථකව නිමාවට පත් විය.
ඒ අනුව, මෙවර සම්මන්ත්‍රණයේ තේමාවට අදාලව; සමුද්‍රීය පරිසරය, සමුද්‍රීය පාලනය, සමුද්‍රීය ආර්ථිකය, සමුද්‍රීය තිරසාරත්වය සහ සුපිරිසිදු ඉන්දීය සාගර කලාපයක් පවත්වා ගැනීම යන ප්‍රධාන අනු තේමාවන් පහක් (05) ආවරණය වන පරිදි, සමාරම්භක සැසියක් සමඟින් සැසි පහක් (05) පැවැත්වේ.
‘Maritime Outlook of the Indian Ocean under Changing Dynamics’ යන මෙවර සම්මන්ත්‍රණයේ තේමාවට අදාලව, මහාචාර්ය අද්මිරාල් ජයනාත් කොළඹගේ (විශ්‍රාමික) විසින් මෙහෙයවන ලද සාකච්ඡා මණ්ඩපයක් මඟින් අදහස් හා දැනුම හුවමාරු කරගැනීම සමාරම්භක සැසියේදී සිදුකෙරිණි. එම සැසිය සඳහා විද්වත් සම්පත් දායකත්වය; ඉන්දීය නාවික හමුදා ප්‍රධානී අද්මිරාල් දිනේෂ් කේ ත්‍රිපාති ( Admiral Dinesh K Tripathi), රුසියානු නාවික හමුදාවේ නියෝජ්‍ය අණදෙන ප්‍රධානී, අද්මිරාල් Vladimir Vorobyevu (Deputy Commander - in - Chief of the Russian Navy), රියර් අද්මිරාල් Hugues Laine (Joint Force Commander, French Forces in the Indian Ocean) සහ Dr. Huang Yunsong (Deputy Director of the Institute of South Asian Studies and Coordinator of the China centre for South Asian Studies at Sichuan University) යන විද්වත් මණ්ඩලය විසින් සිදුකෙරිණි.