‘වෙනස්වන ගතිකත්වයන් හමුවේ සාගර කලාපීය පරිසරය’ අනු තේමාව යටතේ 12 වන ගාලු කථිකාවේ පළමු සැසිය පැවැත්වේ
ශ්‍රී ලංකා නාවික හමුදාව, ආරක්‍ෂක අමාත්‍යාංශය හා එක්ව දොළොස්වැනි (12) වරටත් සංවිධානය කරනු ලබන ගාලු කථීකාව ජාත්‍යන්තර සමුද්‍රීය සම්මන්ත්‍රණයේ පළමු සැසිය, ‘වෙනස්වන ගතිකත්වයන් හමුවේ ඉන්දීය සාගර කලාපීය සමුද්‍රීය පරිසරය’ (Marine Environment Under Changing Dynamics) යන තේමාවට අදාලව, මහාචාර්ය Ronan Long ගේ මෙහෙයවීමෙන් පැවැත්විණි.
ඒ අනුව, ‘වෙනස්වන ගතිකත්වයන් හමුවේ ඉන්දීය සාගර කලාපයේ සමුද්‍රීය දැක්ම’ (Maritime Outlook of the Indian Ocean under Changing Dynamics) යන මෙවර ගාලු කථිකාව සම්මන්ත්‍රණයේ තේමාවට අදාලව, සමුද්‍රීය පරිසරයේ තිරසාරත්වය වෙනුවෙන් සිවිල් හා හමුදාමය සම්බන්ධතා, අභියෝග සහ ඒ වෙනුවෙන් සහයෝගී ප්‍රවේශයකින් ඒකාබද්ධ මෙහෙයුම් සිදුකිරීම පිළිබඳව මෙහිදී පුළුල් ලෙස ඵලදායි විද්වත් අදහස් හුවමාරුවක් සිදුකෙරුණු අතර, පාර්ශවකරුවන්ගේ ගැටළු සඳහා පිළිතුරු සැපයීමටද එහිදී සාකච්ඡා මණ්ඩපය මඟින් අවස්ථාව ලබාදීම සිදුකෙරිණි.
ඒ අනුව, ‘Marine Environment Under Changing Dynamics’ යන තේමාවට අදාලව මහාචාර්ය Ronan Long (Director, WMU- Sasakawa Global Ocean Institute) ගේ මෙහෙයවීමෙන් පැවැත්වුණු සාකච්ඡා මණ්ඩපයේදී; Enhansing Civil Military Cooperation to face challenges in preserving the Marine Environment යන තේමාව යටතේ, රියර් අද්මිරාල් Brett Sonter (Commander, JATF Operation Sovereign Borders) විසින්ද, Adopting forward thinking policies: formulation of Actionable Strategies to address pressing marine environment challenges through regional and extra regional partnerships යන තේමාව යටතේ, රියර් අද්මිරාල් Faisal Amin (Commander Coastal Areas, Pakistan Navy) විසින් සහ Marine environment protection in Sri Lanka : Strengthening Naval, Air Force and Coast Guard Joint operations යන තේමාව යටතේ කොමාණ්ඩර් අමිල ප්‍රසංග හා වින්ග් කොමාණ්ඩර් ගයාන් බෝවත්ත විසින් නිබන්ධන ඉදිරිපත් කිරීම් මඟින් සම්මන්ත්‍රණය වෙත විද්වත් කරුණු ඉදිරිපත් කිරීම සිදු කෙරිණි.