12 වන ගාලු කථිකාවේ දෙවන සැසිය තුලදී වෙනස්වන ගතිකත්වයන් හමුවේ ඉන්දීය සාගර කලාපයේ සමුද්‍රීය පාලනය පිලිබඳ විද්වත් සාකච්ඡා මණ්ඩපයක්

ගාලු කථීකාව ජාත්‍යන්තර සමුද්‍රීය සම්මන්ත්‍රණයේ 2025 සැප්තැම්බර් 24 දින පැවති දෙවන සැසිය තුලදී, වෙනස්වන ගතිකත්වයන් හමුවේ ඉන්දීය සාගර කලාපයේ සමුද්‍රීය පාලනය (Maritime Governance Under Changing Dynamics) යන තේමාවට අදාලව විද්වත් සාකච්ඡා මණ්ඩපයක්, මහාචාර්ය Quentin Hanich ගේ මෙහෙයවීමෙන් පැවැත්විණි.

ඒ අනුව, මෙවර ගාලු කථිකාව සම්මන්ත්‍රණයේ තේමාවට අදාලව, ඉන්දීය සමුද්‍රීය කලාපයේ නීතිමය භාවිතය ප්‍රචලිත කිරීම වෙනුවෙන්; නීති විරෝධී නියාමනය නොවූ හා වාර්තා නොවන ධීවර කටයුතු සඳහා ප්‍රතිචාර දැක්වීම, නෞකා වෙත පවත්නා මුහුදු මංකොල්ල හා සන්නද්ධ සොරකම් අභියෝග, සමුද්‍රීය පාලනය හා සබැඳි නීතිමය රාමුව සහ සමුද්‍රීය පාලනය හා සබැඳි වෙනස්වන උපාය මාර්ගික පරිසරය පිළිබඳව මෙහිදී පුළුල් ලෙස විද්වත් අදහස් හුවමාරුවක් සිදුකෙරිණි.

මහාචාර්ය Quentin Hanich (Fisheries Governance Program Leader, Australian National Centre for Ocean Resources and Security – ANCORS) ගේ මෙහෙයවීමෙන්, ‘Maritime Governance Under Changing Dynamics’ යන තේමාව යටතේ පැවති දෙවන සැසිය තුලදී, Responding to IUU Fishing in the Indian Ocean: Sustainable practices and Marine environmental stewardship amid shifting Geopolitical and climate dynamics යන නිබන්ධනය මඟින් Dr. Rafael Prado (Nippon foundation lecturer on global ocean governance, IMO international maritime law institute -IMLI) විසින්ද, Harnessing emerging technologies to combat piracy and armed robbery against ships යන නිබන්ධනය යටතේ, Vijay D Chafekar මහතා [Executive Director, Re CAAP ISC & Former A/DG of ICG (Retd.)] විසින්ද, Disparities in National Laws and Law Enforcement Mechanisms Creating Inconsistencies in Response Mechanisms යන නිබන්ධනය යටතේ, විකුම් ද ආබෘ මහතා (Deputy Solicitor General & President’s Counsel, AG Department- SL) විසින් සහ The Dynamic Strategic Environment in the Indian Ocean and Partnering to Deter යන තේමාව යටතේ, මේජර් ජෙනරාල් Suzanne Puanani Vares-Lum (Retd.) [Director, Asia-Pacific Centre for Security Studies (APCSS)] විසින් විද්වත් ලෙස විද්වත් අදහස් දැක්වීම සිදු කෙරිණි.

තවද, ඉන්දියානු සාගර කලාපීය රාජ්‍යන් සහ එම සාගර කලාපය භාවිතා කරනු ලබන සමුද්‍රීය පාර්ශ්වයන් මුහුණ දෙනු ලබන ප්‍රායෝගික ගැටළු පිළිබඳ වැඩිදුර පැහැදිලි කිරීම්, සාකච්ඡා මණ්ඩපයෙන් පසුව පැවති ප්‍රශ්න හා පිළිතුරු ලබාදීමේ අවසථාවේදී සිදුකෙරිණි.