ඉන්දීය නාවික හමුදාවට අයත් ‘INS SATPURA ’ යුද නෞකාව දිවයිනෙන් පිටත් වෙයි

ඉන්දීය නාවික හමුදාවට අයත් ‘INS SATPURA’ යුද නෞකාව, සැපයුම් හා සේවා අවශ්‍යතා සපුරාගැනීමෙන් අනතුරුව, 2025 සැප්තැම්බර් මස 24 වැනි දින දිවයිනෙන් පිටත්ව යන ලද අතර, එම නෞකාව වෙත ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් නාවික හමුදා සම්ප්‍රදායානුකූලව සමුදීම, කොළඹ වරායේදී සිදු කෙරිණි.

මෙම සංචාරයේදී, නෞකාවේ අණදෙන නිලධාරී සහ බටහිර නාවික විධානයේ ආඥාපති අතර නිල හමුවක් එම විධාන මූලස්ථානයේදී පැවැත්වුණු අතර, ‘INS SATPURA’ නෞකාව දිවයිනේ රැඳී සිටි කාලසීමාව තුළ එහි නැව් මුළුව කොළඹ ප්‍රදේශයේ ආකර්ෂණීය සංචාරක ස්ථාන නැරඹීම සඳහාද සහභාගී විය.