12 වන ගාලු කථිකාවේ දෙවැනි දින “ඉන්දීයානු සාගර කලාපයේ සමුද්‍රීය ආර්ථිකය” අනු තේමාව යටතේ ආරම්භය සටහන් විය.

ගාලු කථීකාව ජාත්‍යන්තර සමුද්‍රීය සම්මන්ත්‍රණයේ 2025 සැප්තැම්බර් 25 දින පැවති තෙවන සැසිය තුලදී, වෙනස්වන ගතිකත්වයන් හමුවේ ඉන්දීය සාගර කලාපයේ සමුද්‍රීය ආර්ථිකය (Maritime Economy Under Changing Dynamics) යන තේමාවට අදාලව කලාපීය රාජ්‍යන් සහ ඉන්දීය සාගරය භාවිතා කරනු ලබන පාර්ශ්වයන්ගේ සමුද්‍රීය ආර්ථික අභිවෘද්ධිය වෙනුවෙන් වැදගත් කරුණු සාකච්ඡා කිරීම, ආචාර්ය ගනේෂන් විග්නරාජා (Ganeshan Wignaraja) ගේ මෙහෙයවීමෙන් සිදුකෙරිණි.

ඒ අනුව, ඉන්දීය සාගරය ඔස්සේ සිදුකෙරණ ආර්ථික කටයුතු සහ ඒ ඔස්සේ ගොඩනැගෙන නීල ආර්ථිකයේ සශ්‍රීකත්වය වෙනුවෙන් සමුද්‍රීය ආරක්‍ෂක බලකායන්ගේ කාර්යභාරය, අවස්ථා, අභියෝග සහ අවදානම පිළිබඳව මෙහිදී පුළුල් ලෙස සාකච්ඡා කෙරිණි.

ආචාර්ය ගනේෂන් විග්නරාජා (Dr.Ganeshan Wignaraja - Visiting Senior Fellow at ODI Global in London and Former Executive Director of the Think Tank, Ministry of Foreign Affairs, Sri Lanka) ගේ මෙහෙයවීමෙන්, ‘Maritime Economy Under Changing Dynamics’ යන තේමාව යටතේ පැවති තෙවන සැසිය තුලදී, Role of a Maritime Force in a Prospering Blue Economy යන තේමාව යටතේ, Col Amanda Jhonston (DA Australia in New Delhi) විසින්ද, Maritime Economy under Changing Dynamics: Resilience of the Society and Role of Maritime Forces යන නිබන්ධනය මඟින්, Maj Gen Rob de Wit (Deputy CNS, Royal Netherlands Navy) විසින් සහ Opportunities, Challenges, and Maritime Risk Management in the Blue Economy යන නිබන්ධනය මඟින්, Cmde Ben Aldous RN (Deputy Commander, CMF) විසින් මෙම සැසිය තුලදී, ඉන්දීය සාගරය ඔස්සේ සිදුකෙරෙණ ආර්ථික කටයුතු හා ගොඩනැගෙන නීල ආර්ථිකයේ තිරසාර පැවැත්ම සඳහා බලපානු ලබන පුළුල් පරාසයක විහිදෙන කරුණු පුළුල්ව සාකච්ඡා කෙරිණි.