වෙනස් වන ගතිකත්වයන් හමුවේ ඉන්දීය සාගරයේ සමුද්‍රීය තිරසාරත්වය පිළිබඳ 12 වන ගාලු කථිකාවේ සිව්වන සැසිය තුලදී සාකච්ඡා කෙරේ
ගාලු කථීකාව ජාත්‍යන්තර සමුද්‍රීය සම්මන්ත්‍රණයේ 2025 සැප්තැම්බර් 25 දින පැවති සිව්වන සැසිය තුලදී, ඉන්දිය සාගරයේ වෙනස් වන ගතිකත්වයන් හමුවේ සමුද්‍රීය තිරසාරත්වය (Maritime Sustainability Under Changing Dynamics) යන තේමාවට අදාලව විද්වත් සාකච්ඡා මණ්ඩපයක්, ආචාර්ය David Brewster (Australian National University)ගේ මෙහෙයවීමෙන් පැවැත්විණි.
ඒ අනුව, මෙවර ගාලු කථිකාව සම්මන්ත්‍රණයේ තේමාවට අදාලව, ඉන්දීය සමුද්‍රීය කලාපයේ රාජ්‍යතාන්ත්‍රික සම්බන්ධතා, ආරක්‍ෂක තත්වය, කුඩා රාජ්‍යයන් මුහුණදෙනු ලබන අභියෝග හා අවස්ථා, සමුද්‍රීය අපරාධයන්ට එරෙහි ශ්‍රී ලංකා නාවික හමුදාවේ කාර්යභාරය සහ ඉන්දු ශාන්තිකර කලාපයේ උපාය මාර්ගික සමුද්‍රීය පරිසරය ඇතුළු පුළුල් ක්‍ෂේත්‍රයක් ආවරණය වන පරිදි විද්වත් අදහස් හුවමාරු කර ගැනීම සිදුකෙරිණි.
ඉන්දීය සාගරයේ වෙනස් වන ගතිකත්වයන් හමුවේ සමුද්‍රීය තිරසාරත්වය (Maritime Sustainability Under Changing Dynamics) යන තේමාව යටතේ ආචාර්ය David Brewster (Australian National University)ගේ මෙහෙය වීමෙන් පැවැති සිව්වන සැසියේදී විද්වත් අදහස් දැක්වීම; අද්මිරාල් Anil K. Chawla (විශ්‍රාමික) විසින් Maritime Diplomacy and Security Concerns in the Region: Challenges and Opportunities for Small Nations යන තේමාව යටතේ, නැගෙනහිර නාවික විධානයේ නියෝජ්‍ය ආඥාපති කොමදෝරු බුද්ධික ජයවීර විසින් Role of Sri Lanka Navy in Securing Maritime Crimes and Illegal Affairs Taking Place in the Region and beyond යන තේමාව යටතේ සහ කපිතාන් Wade Turvold (විශ්‍රාමික) (Dean Admissions and Business Operations, APCSS) විසින් Strategic Maritime Environment and the Need to Have All-Domain Awareness in the Indo-Pacific යන තේමාව යටතේත් සිදු කෙරිණි.