ශ්‍රී ලංකාවේ කැනඩා මහකොමසාරිස් කාර්යාලයේ දේශසීමා සේවා නියෝජිතායතනයේ කලාපීය අධ්‍යක්‍ෂ නිල හමුවක් සඳහා නාවික හමුදාධිපති හමුවෙයි

ශ්‍රී ලංකාවේ කැනඩා මහකොමසාරිස් කාර්යාලයේ දේශසීමා සේවා නියෝජිතායතනයේ කලාපීය අධ්‍යක්‍ෂක Joshua Newby මහතා 2025 සැප්තැම්බර් මස 23 වැනි දින නිල හමුවක් සඳහා නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් කාන්චන බානගොඩ හමුවිය.

මෙම නිල හමුවේදී, නාවික හමුදාධිපති සහ කැනඩාවේ දේශසීමා සේවා නියෝජිතායතනයේ කලාපීය අධ්‍යක්‍ෂක අතර ද්වීපාර්ශ්වික වශයෙන් වැදගත් කරුණු පිළිබඳ සුහද පිළිසඳරක් පැවැත්විණි.

තවද, මෙම නිල හමුව සනිටුහන් කරමින් දෙපාර්ශ්වය අතර, සමරු තිළිණ හුවමාරුවක්ද සිදු කෙරිණි.