නාවික හමුදාව මඟින් කුරුණෑගල දිස්ත්‍රික්කය තුළ ස්ථාපනය කළ ප්‍රති ආශ්‍රැතිකරන ජල පිරිපහදු මධ්‍යස්ථාන 05ක් ජනතා අයිතියට
නාවික හමුදා සමාජීය මෙහෙවර ව්‍යාපෘතිය යටතේ, නාවික හමුදාවේ තාක්‍ෂණික හා ශිල්පීය දායකත්වය ඇතිව, සෞඛ්‍ය අමාත්‍යාංශයේ මුලිකත්වයෙන් සහ ජනාධිපති ලේකම් කාර්යාලයේ මූල්‍ය දායකත්වයෙන් කුරුණෑගල දිස්ත්‍රීක්කයේ මහව, බිංගිරිය, කුරුණෑගල, නිකවැරටිය සහ රස්නායකපුර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස තුල ස්ථාපනය කල ප්‍රථිආශ්‍රැති ජල පිරිපහදු මධ්‍යස්ථාන පහක් (05), 2025 සැප්තැම්බර් මස 17, 18 හා 19 යන තෙදින ජනතා අයිතියට පත් කෙරිණි.
මෙම ප්‍රථිආශ්‍රැති ජල පිරිපහදු මධ්‍යස්ථාන 05 ස්ථාපනයත් සමඟ, නාවික හමුදාව මඟින් ප්‍රථිආශ්‍රැති ජල පිරිපහදු මධ්‍යස්ථාන 1130ක් ජනතා අයිතියට පත් කර ඇති අතර, එක් ජල පිරිපහදු මධ්‍යස්ථානයකින් දිනකට ජල ලීටර් 10000ක පමණ ප්‍රමාණයක් පිරිපහදු කිරීමේ හැකියාව ඇත. මෙලෙස ජනතා අයිතියට පත්කරන ලද ජල පිරිපහදු මධ්‍යස්ථාන මඟින්, මහව පහල නෙත්තිපල ග්‍රාමය, බිංගිරිය උඩවෙල රේවත මහ විද්‍යාලය, කුරුණෑගල වැල්ලව මධ්‍ය මහා විද්‍යාලය, නිකවැරටිය හතිගම්මන ග්‍රාමය සහ රස්නායකපුර අම්බගම්මන ග්‍රාමය ආශ්‍රිතව ජීවත් වන පාසල් ළමුන් ඇතුළු විශාල පිරිසකගේ පිරිසිදු පානීය ජල අවශ්‍යතාවය පහසුවෙන් සපුරා ගැනීමට හැකියාව ලැබෙනු ඇත.
‘නිරෝගී ජීවිතයක් - සෞඛ්‍ය සම්පන්න ජනතාවක්’ යන රාජ්‍ය සෞඛ්‍ය දැක්ම සාක්ෂාත් කර ගැනීම වෙනුවෙන් ශ්‍රී ලංකා නාවික හමුදාව මෙම සමාජ සත්කාරය සඳහා ඉදිරියටත් අඛණ්ඩව දායක වනු ලබයි.