රාගම දුම්රිය ස්ථානය සහ ඒ අවට පවිත්‍ර කිරීම සඳහා නාවික හමුදා ප්‍රජාසත්කාරක දායකත්වය
ශ්‍රී ලංකා ස්වේච්ඡා නාවික හමුදාවේ 2025 වාර්ෂික පුහුණු කඳවුරට සමඟාමීව, ‘ක්ලීන් ශ්‍රී ලංකා’ ජාතික වැඩසටහන යටතේ රාගම දුම්රිය ස්ථානය සහ ඒ අවට ප්‍රදේශය පවිත්‍ර කිරීම සඳහා ප්‍රජාසත්කාරක දායකත්වය ලබා දීම, 2025 සැප්තැම්බර් මස 22 වැනි දින සිදු කෙරිණි.
ඒ අනුව, ශ්‍රී ලංකා ස්වේච්ඡා නාවික හමුදාවේ වාර්ෂික පුහුණු කඳවුර 2025 සඳහා සහභාගී වූ නාවික හමුදා සාමාජිකයින්, ජා-ඇල ප්‍රාදේශීය සභාවේ සහ රාගම දුම්රිය ස්ථානයේ දුම්රිය ස්ථානාධිපති ඇතුළු කාර්ය මණ්ඩලය හා එක්ව සිදුකල මෙම පවිත්‍ර කිරීමේ වැඩසටහන මඟින් රාගම දුම්රිය ස්ථානය භාවිතා කරනු ලබන සාමාන්‍ය ජනතාවට සෞඛ්‍ය ආරක්‍ෂික පරිසරයක් නිර්මාණය කරදීම සිදුකෙරිණි.