‘වෙනස්වන ගතිකත්වයන් හමුවේ ඉන්දීය සාගර කලාපයේ සමුද්‍රීය දැක්ම’ යන තේමාව යටතේ පැවති සාර්ථක විද්වත් සාකච්ඡා සමඟින් 12 වැනි ගාලු කථිකාව සාර්ථකව නිමාවට පත්වෙයි
‘වෙනස්වන ගතිකත්වයන් හමුවේ ඉන්දීය සාගර කලාපයේ සමුද්‍රීය දැක්ම’ (‘Maritime Outlook of the Indian Ocean under Changing Dynamics’) යන තේමාව යටතේ, ශ්‍රී ලංකා නාවික හමුදාව ආරක්‍ෂක අමාත්‍යාංශය හා එක්ව සංවිධානය කරන ලද 12 වැනි ගාලු කථීකාව ජාත්‍යන්තර සමුද්‍රීය සම්මන්ත්‍රණය - 2025, කලාපීය සමුද්‍රීය පරිසරය, සමුද්‍රීය පාලනය, සමුද්‍රීය ආර්ථිකය සහ සමුද්‍රීය තිරසාරත්වය පිළිබඳ සිදුකෙරුණු සාර්ථක විද්වත් සාකච්ඡා මාලාවකින් අනතුරුව, 2025 සැප්තැම්බර් මස 25 වැනි දින නිමාවට පත්විය.
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ගරු අග්‍රාමාත්‍ය, ආචාර්ය හරිණි අමරසූරිය මැතිණියගේ ප්‍රධානත්වයෙන් සහ නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් කාන්චන බානගොඩ ඇතුළු දෙස් විදෙස් රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන් හා සම්භාවනීය ආරාධිතයන්ගේ සහභාගීත්වයෙන් ආරම්භ වූ 12 වැනි ගාලු කථිකාව ජාත්‍යන්තර සමුද්‍රීය සම්මන්ත්‍රණය, ශ්‍රී ලංකාව ඇතුළු රාජ්‍යන් 37ක සහ ජාත්‍යන්තර සංවිධාන නියෝජිතයින් හා සමුද්‍රීය ආරක්‍ෂක විද්වතුන්ගේ සහභාගීත්වයෙන්, වැලිසර Wave n' Lake උත්සව ශාලාවේදී සැප්තැම්බර් 24 සහ 25 දෙදින තුල පැවැත්විණි. එහිදී, මෙවර සම්මන්ත්‍රණයේ තේමාවට අදාලව; සමුද්‍රීය පරිසරය, සමුද්‍රීය පාලනය, සමුද්‍රීය ආර්ථිකය, සමුද්‍රීය තිරසාරත්වය යන ප්‍රධාන කරුණු ආවරණය වන පරිදි විද්වත් සාකච්ඡා හා අදහස් හුවමාරු කරගැනීම, නාවික හමුදා හා වෙරළාරක්‍ෂක ප්‍රධානීන් සහ සමුද්‍රීය ක්‍ෂේත්‍රයේ විද්වතුන් විසින් සිදුකෙරිණි.
එමෙන්ම, මෙම සම්මන්ත්‍රණයට සමඟාමීව 2025 සැප්තැම්බර් මස 25 වැනි දින, නාවික හමුදාධිපති විසින් සම්මන්ත්‍රණයට සහභාගී වූ මොන්ගෝලියානු, ඇමරිකා එක්සත්ජනපදය, මුරුසිය, මාලදිවයින, ආසියානු කලාපීය නෞකාවන්ට එරෙහිව මුහුදු කොල්ලකෑම් සහ සන්නද්ධ මංකොල්ලකෑම් මැඩපැවැත්වීම සඳහා ස්ථාපිත සහයෝගීතාවය, ජපානය, ඇමෙරිකා එක්සත් ජනපද ආරක්‍ෂක පාලන ආයතනය, ප්‍රංශය, ඉන්දුනීසියාව, මියන්මාරය, සහ ජර්මණිය යන රාජ්‍යන් සහ සංවිධාන නියෝජනය කරමින් පැමිණි නියෝජිතයන් සමඟ ද්විපාර්ශ්වික හමුවීම් සිදුකෙරිණි.
ඒ අනුව, සාර්ථකව නිමාවට පත්වූ 12 වැනි ගාලු කථිකාව ජාත්‍යන්තර සමුද්‍රීය සම්මන්ත්‍රණයේ ස්තූති කතාව පැවැත්වීම උතුරු නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් බුද්ධික ලියනගමගේ විසින් සිදු කෙරිණි. එහිදී, මෙම ජාත්‍යන්තර සමුද්‍රීය සම්මන්ත්‍රණය ඉතා උසස් අන්දමින් සංවිධානය කිරීම සඳහා නාවික හමුදාව සහ ආරක්‍ෂක අමාත්‍යංශය වෙත සහයෝගය දැක්වූ සියළුම පාර්ශවයන් වෙත ප්‍රථමයෙන් සිය ස්තූතිය පුද කල ඔහු, ගාලු කථිකාව ජාත්‍යන්තර සමුද්‍රීය සම්මන්ත්‍රණය සඳහා සහභාගී වූ විදේශීය නාවික හමුදා හා වෙරළාරක්‍ෂක ප්‍රධානීන්ගේ සහභාගීත්වය අගයමින් සම්මන්ත්‍රණයේ විද්වත් අදහස් හුවමාරු කර ගනිමින් නව දැනුම හා අත්දැකීම් බෙදා ගැනීම සඳහා විශේෂඥ දායකත්වය ලබාදුන් සියළුම දෙස් විදෙස් විද්වතුන්, රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන්, ජාත්‍යන්තර සංවිධාන ඇතුළු සියළුම සම්පත් දායකයින් වෙත සිය ගෞරව ප්‍රණාමය ශ්‍රී ලංකා නාවික හමුදාව වෙනුවෙන් පුද කෙරිණි. එමෙන්ම, ගාලු කථිකාව ජාත්‍යන්තර සමුද්‍රීය සම්මන්ත්‍රණය සාර්ථකව පැවැත්වීම සඳහා අනුග්‍රාහක දායකත්වය ලබා දුන් ආයතනයන් වෙත සහ නන්අයුරින් සහය වූ සියලු පාර්ශ්වයන් වෙතද සිය ස්තූතිය පල කිරීම එහිදී රියර් අද්මිරාල් බුද්ධික ලියනගමගේ විසින් සිදු කෙරිණි.
තවද, සමුද්‍රීය ආරක්‍ෂාව සහ සුරක්‍ෂිතතාවය සහතික කරමින්, සමුද්‍රීය ආර්ථික අභිප්‍රායන් මුදුන් පමුණුවා ගැනීම සඳහා සාමූහික ප්‍රවේශයක් ස්ථාපිත කිරීම වෙනුවෙන්, ඉන්දියානු සාගරයේ උපායමාර්ගික වශයෙන් වැදගත් ස්ථානයක පිහිටි දූපත් රාජ්‍යයක් වන ශ්‍රී ලංකාවට පමණක් නොව, ඉන්දීය සාගරයට මුහුණලා ඇති වෙරළාශ්‍රිත රාජ්‍යයන් සහ ඉන්දීය සාගරය භාවිතා කරනු ලබන සියළුම සමුද්‍රීය පාර්ශ්වකරුවන් හට සුවිශේෂී සාමූහික වගකීමක් පැවරී ඇති බව 12 වැනි ගාලු කථීකාවේ පැවති විද්වත් සාකච්ඡා මඟින් අවධාරනය කෙරිණි. එවන් පසුබිමක, ගාලු කථිකාව ජාත්‍යන්තර සමුද්‍රීය සම්මන්ත්‍රණය මඟින්, ස්ථාවර ඉන්දීය සාගර කලාපයක් පෝෂණය කිරීම සඳහා පාර්ශ්වකරුවන් අතර සහයෝගීත්වය හා හවුල්කාරීත්වය ගොඩනැගීමටත්, සාම්ප්‍රදායික නොවන සමුද්‍රීය අභියෝග ඇතුළු ඉන්දීය සාගර කලාපය ඔස්සේ පැන නගින නව ප්‍රවනතා සඳහා සාමූහිකව ප්‍රතිචාර දැක්වීම සඳහා අවශ්‍ය උපාය මාර්ගික ක්‍රමෝපායන් පිළිබඳව එකම වේදිකාවක අදහස් හුවමාරු කර ගැනීමට මෙන්ම, විසඳුම් සෙවීමටත්, ගාලු කථිකාව සමුද්‍රීය සම්මන්ත්‍රණය මඟින් වේදිකාවක් නිර්මාණය කර දීමට ශ්‍රී ලංකා නාවික හමුදාව සමත්විය.