දකුණු ආසියානු තිරසාරත්ව හා ආරක්‍ෂක පර්යේෂණ ආයතනයේ නියෝජිතයින් පිරිසක් නිල හමුවක් සඳහා නාවික හමුදාධිපති හමුවෙයි
දකුණු ආසියානු තිරසාරත්ව හා ආරක්‍ෂක පර්යේෂණ ආයතනයේ (South Asian Sustainability & Security Research Institute - SASSRI) මහාචාර්ය Christian Kaunert ඇතුළු නියෝජිතයින් පිරිසක්, 2025 සැප්තැම්බර් මස 26 වැනි දින නිල හමුවක් සඳහා නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් කාන්චන බානගොඩ හමුවිය.
මෙම නිල හමුවේදී, නාවික හමුදාධිපති සහ දකුණු ආසියානු තිරසාරත්ව හා ආරක්‍ෂක පර්යේෂණ ආයතනයේ නියෝජිතයින් අතර දකුණු ආසියානු කලාපයේ පොදු ආරක්‍ෂක අභියෝග ඇතුළු ද්විපාර්ශ්වික වශයෙන් වැදගත් කරුණු පිළිබඳව උපායමාර්ගික මට්ටමේ අදහස් හුවමාරුවක් සිදුකෙරිණි.
තවද, මෙම නිල හමුව සනිටුහන් කරමින් දෙපාර්ශ්වය අතර, සමරු තිළිණ හුවමාරුවක්ද සිදු කෙරිණි.