නාවික හමුදාව මඟින් මාතලේ සහ අනුරාධපුර දිස්ත්‍රික්ක තුළ ස්ථාපනය කළ ප්‍රති ආශ්‍රැතිකරන ජල පිරිපහදු මධ්‍යස්ථාන 02ක් ජනතා අයිතියට
නාවික හමුදා සමාජීය මෙහෙවර ව්‍යාපෘතිය යටතේ, නාවික හමුදාවේ තාක්‍ෂණික හා ශිල්පීය දායකත්වය ඇතිව, ජනාධිපති ලේකම් කාර්යාලයේ මූල්‍ය දායකත්වයෙන් මාතලේ දිස්ත්‍රීක්කයේ විල්ගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ විල්ගමුව ප්‍රාදේශීය සභාව තුල සහ ශ්‍රී ලංකාවේ චීන මහජන සමූහාණ්ඩුවේ තානාපති කාර්යාලයේ මූල්‍ය දායකත්වයෙන් අනුරාධපුර දිස්ත්‍රීක්කයේ මහවිලච්චිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ඔයාමඩුව ශ්‍රී සම්බුද්ධ මෛත්‍රී විහාරය තුල ස්ථාපනය කල ප්‍රථිආශ්‍රැති ජල පිරිපහදු මධ්‍යස්ථාන දෙකක් (02) 2025 සැප්තැම්බර් මස 20 වැනි දින ජනතා අයිතියට පත් කෙරිණි.
එමෙන්ම, මෙම ප්‍රථිආශ්‍රැති ජල පිරිපහදු මධ්‍යස්ථාන 02ත් සමඟ, නාවික හමුදාව මඟින් ප්‍රථිආශ්‍රැති ජල පිරිපහදු මධ්‍යස්ථාන 1132ක් ජනතා අයිතියට පත් කර ඇති අතර, මෙලෙස ජනතා අයිතියට පත්කරන ලද ජල පිරිපහදු මධ්‍යස්ථාන 02 මඟින්, විල්ගමුව හා ඔයාමඩුව ශ්‍රී සම්බුද්ධ මෛත්‍රී විහාරය ආශ්‍රිතව ජීවත් වන විශාල පිරිසකගේ පිරිසිදු පානීය ජල අවශ්‍යතාවය පහසුවෙන් සපුරා ගැනීමට හැකියාව ලැබෙනු ඇත.
‘නිරෝගී ජීවිතයක් - සෞඛ්‍ය සම්පන්න ජනතාවක්’ යන රාජ්‍ය සෞඛ්‍ය දැක්ම සාක්ෂාත් කර ගැනීම වෙනුවෙන් ශ්‍රී ලංකා නාවික හමුදාව මෙම සමාජ සත්කාරය සඳහා ඉදිරියටත් අඛණ්ඩව දායක වෙයි.