ශ්‍රී ලංකා ස්වේච්ඡා නාවික හමුදාවේ අභිනව ආඥාපති ලෙස රියර් අද්මිරාල් ජගත් කුමාර වැඩ භාර ගනියි
ශ්‍රී ලංකා ස්වේච්ඡා නාවික හමුදාවේ අභිනව ආඥාපති වශයෙන් පත් කෙරුණු, රියර් අද්මිරාල් ජගත් කුමාර, 2025 ඔක්තෝබර් මස 03 වැනි දින වැලිසර, ස්වේච්ඡා නාවික හමුදා මූලස්ථානයේදී, ශ්‍රී ලංකා ස්වේච්ඡා නාවික හමුදාවේ ආඥාපති වශයෙන් වැඩ භාර ගැනීම සිදුකෙරිණි.
නාවික හමුදා සම්ප්‍රදායානුකූලව ස්වේච්ඡා නාවික හමුදා මූලස්ථානය වෙත රියර් අද්මිරාල් ජගත් කුමාර පිළිගැනීමෙන් අනතුරුව, ස්වේච්ඡා නාවික හමුදාවේ ආඥාපති වශයෙන් කටයුතු කළ රියර් අද්මිරාල් එච්එන්එස් පෙරේරා විසින් ස්වේච්ඡා නාවික හමුදා මූලස්ථානයේදී, ආඥාපති ධූරයෙහි රාජකාරීන් නව ආඥාපති වෙත භාර දීම සිදු කෙරිණි.
තවද, ස්වේච්ඡා නාවික හමුදා මුලස්ථානයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් විසින් සුබපැතීමෙන් අනතුරුව, රියර් අද්මිරාල් එච්එන්එස් පෙරේරා වෙත නාවික හමුදා සම්ප්‍රදායානුකූලව ස්වේච්ඡා නාවික හමුදා මුලස්ථානය වෙතින් සමුදීම සිදු කෙරුණු අතර, රියර් අද්මිරාල් ජගත් කුමාර බටහිර නාවික විධානයේ ආඥාපති වශයෙන් සහ ස්වේච්ඡා නාවික හමුදාවේ ආඥාපති ලෙස ඉදිරියට කටයුතු කරනු ඇත.