සමුද්‍රීය සහ වෙරළාශ්‍රිත ගැටළු සඳහා ඒකාබද්ධ ප්‍රවේශයක් වෙනුවෙන් නාවික හමුදාව පෙරමුණ ගනියි
නැගෙනහිර පළාත ආශ්‍රීතව සමුද්‍රීය හා වෙරළ ආශ්‍රිතව පවත්නා ගැටළු සඳහා ඒකාබද්ධ ප්‍රවේශයකින් විසදුම් සෙවීමට අවශ්‍ය ඉදිරි පියවර පිළිබඳ අදහස් හුවමාරු කර ගැනීමේ විශේෂ සාකච්ඡාවක්, නැගෙනහිර නාවික විධානයේ ආඥාපතිගේ ප්‍රධානත්වයෙන් සහ නැගෙනහිර පළාතේ රාජ්‍ය ආයතන ප්‍රධානීන් ගේ සහභාගීත්වයෙන් 2025 ඔක්තෝබර් මස 02 වැනි දින, ත්‍රීකුණාමලය නාවික තටාකාංගනයේදී සාර්ථකව පැවැත්විණි.
ඒ අනුව, නැගෙනහිර පළාතේ වෙරළ ප්‍රදේශය ආශ්‍රිතව පවතින පුරාවිද්‍යාත්මක ස්ථාන සංරක්‍ෂණය කිරීම හා පරිසර විනාශය වැලැක්වීම තුලින් සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීම, නැගෙනහිර මුහුදේ පවතින නීති විරෝධී ධීවර කටයුතු මැඩපැවැත්වීම සහ සමුද්‍රීය පරිසරය රැකගැනීම වෙනුවෙන් පළාතේ රාජ්‍ය ආයතන සහ නාවික හමුදාව ඒකාබද්ධව ගතයුතු ක්‍රියාමාර්ග පිළිබඳව මෙහිදී පුළුල් ලෙස සාකච්ඡා කෙරිණි.
තවද, මෙම සාකච්ඡාව සඳහා නැගෙනහිර නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් රවීන්ද්‍ර තිසේරා ඇතුළු එම විධානයේ ජ්‍යෙෂ්ඨ නිලධාරින්, ත්‍රීකුණාමලය දිස්ත්‍රික් ලේකම්, ප්‍රාදේශීය ලේකම්වරුන්, නැගෙනහිර පළාතේ හා ත්‍රිකුණාමලය දිස්ත්‍රීක්කයේ ඉඩම්, මාර්ග සංවර්ධන, සංචාරක, සෞඛ්‍ය, විදුලිබල, වනජීවී, වෙරළ සංරක්‍ෂණ, ධීවර සංගම්, පුරාවිද්‍යා, සමුද්‍රීය පරිසර ආරක්‍ෂණ අධිකාරිය, මිනින්දෝරු, ජල සම්පාදන, ආපදා කළමනාකරණ, ත්‍රිකුණාමලය පුපුරණ ද්‍රව්‍ය පාලන ඒකකය සහ පොලීසිය නියෝජනය කරමින් නියෝජිතයින් පිරිසක් සහභාගී වී සිටියහ.