‘සයුරුසර’ සඟරාවේ 49 වන කලාපය වෙත නිර්මාණ ඉදිරිපත් කල ජයග්‍රාහකයින් නාවික හමුදාධිපතිගේ ඇගයීමට

නාවික හමුදා මාධ්‍ය අධ්‍යක්‍ෂ කාර්යාලය මඟින් ප්‍රකාශයට පත්කරනු ලබන ‘සයුරුසර’ සඟරාවේ 49 වන කලාපය වෙත නිර්මාණාත්මක පද්‍ය, සිතුවම් සහ ඡායාරූප ඉදිරිපත් කර ජයග්‍රහන හිමිකරගත් නාවික හමුදා පුද්ගලයන් සහ නාවික පවුල්වල සාමාජිකයන් වෙනුවෙන් පිරිනමනු ලබන ත්‍යාග සඳහා තේරීපත්වූ නිර්මාණ ඉදිරිපත් කල ජයග්‍රාහකයන්ගේ දක්‍ෂතා අගයමින් ඔවුන් වෙත නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් කාන්චන බානගොඩ විසින් මූල්‍ය ත්‍යාග පිරිනැමීම, අද (2025 ඔක්තෝබර් 08) නාවික හමුදා මූලස්ථානයේදී සිදු කෙරිණි.

නාවික හමුදා පුද්ගලයින්ගේ නිර්මාණාත්මක ලිවීමේ හැකියාවන් සඳහා අවකාශයක් ලබා දෙමින් සහ නාවික හමුදාව හා සබැඳි විද්වත් ලිපි වලින් සම්පිණ්ඩිත වු මෙම සඟරාව වෙත නිර්මාණ ඉදිරිපත් කරනු ලබන නාවික හමුදා පුද්ගලයන්/ නාවික පවුල්වල සාමාජිකයන් දිරිගැන්වීම වෙනුවෙන්, ඇගයීම් මණ්ඩලයක් මඟින් තෝරා ගන්නා නිර්මාණ සඳහා මූල්‍ය ත්‍යාග පිරිනමනු ලබයි.

ඒ අනුව, ‘සයුරුසර’ සඟරාවේ 49 වන කලාපය වෙත ඉදිරිපත් කල හොදම පද්‍ය රචනයට හිමි ත්‍යාගය, ‘මගේ තාත්තා කියනවා මෙහෙම’ යන පද්‍යය රචනා කල, තනුදි අනුජනා රත්නායක දියණිය [ලුතිකොමා (සැ) ආර්එම්ඊඑස් රත්නායකගේ දියණිය] විසින් ද, හොඳම සිතුවම් නිර්මාණයට හිමි ත්‍යාගය, ‘ගෙවත්තක්’ යන සිතුවම ඉදිරිපත් කල ටෂේන් කවිඳුල් පෙරේරා පුතණුවන් [කොමාණ්ඩර් (ඒඑස්ඩබ්) එන්ඩීසි පෙරේරා ගේ පුතණුවන්] විසින් සහ හොඳම ඡායාරූපයට හිමි ත්‍යාගය, ‘සෙවනැලි’ යන තේමාව යටතේ ඡායාරූපයක් ඉදිරිපත් කල කොමාණ්ඩර් (ස්වේ) ඒවීඑස් කර්ෂණ විසින්ද මෙලෙස නාවික හමුදාධිපති වෙතින් මූල්‍ය ත්‍යාග හිමිකර ගන්නා ලදි.