ධජ නිලධාරි නාවික දියත් විධානය ලෙස කොමදෝරු ධනේෂ් පත්බේරිය වැඩ භාර ගනියි
නාවික හමුදා දියත් විධානයේ ධජ නිලධාරි ලෙස පත් කෙරුණූ කොමදෝරු ධනේෂ් පත්බේරිය එම ධුරයේ වැඩ භාරගැනීම 2025 ඔක්තෝබර් මස 14 දින ත්‍රීකුණාමලය නාවික තඨාකාංගණයේ, ධජ නිලධාරි නාවික දියත් විධාන කාර්යාලයේදී සිදුකෙරිණි.
නාවික හමුදා සම්ප්‍රදායානුකූලව කොමදෝරු ධනේෂ් පත්බේරිය නාවික හමුදා දියත් විධානය වෙත පිළිගැනීමෙන් අනතුරුව, වැඩ බලන ධජ නිලධාරි නාවික දියත් විධානය වශයෙන් කටයුතු කළ කොමදෝරු ප්‍රසන්න හෙට්ටිආරච්චි විසින් එම ධුරයේ රාජකාරීන් කොමදෝරු ධනේෂ් පත්බේරිය වෙත භාර දීම සිදු කෙරිණි.