පිළිකා මූලික අවධියේදී හඳුනා ගැනීම හා වලක්වා ගැනීම සම්බන්ධයෙන් දැනුවත් කිරීමේ වැඩමුළුවක්
නැගෙනහිර නාවික විධාන රෝහල සහ ත්‍රිකුණාමලය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය එක්ව, පියයුරු පිළිකා මූලික අවධියේදී හඳුනා ගැනීම හා වලක්වා ගැනීම සම්බන්ධයෙන් දැනුවත් කිරීමේ වැඩමුළුවක් 2025 ඔක්තෝබර් මස 14 වැනි දින ත්‍රිකුණාමලය නාවික තටාකාංගනයේ දී සාර්ථකව පැවැත්විණි.
ඒ අනුව, ත්‍රිකුණාමලය මහජන සෞඛ්‍ය කාර්යාලයේ වෛද්‍ය හා හෙද කාර්ය මණ්ඩලයේ සම්පත් දායකත්වයෙන් පැවති මෙම කාලීන වැඩමුළුව සඳහා නැගෙනහිර නාවික විධානයට අනුයුක්ත නාවික හමුදා පුද්ගලයන් පිරිසක් සහභාගී වී සිටියහ.