නාවික හමුදාව මඟින් ස්ථාපනය කළ ප්‍රති ආශ්‍රැතිකරන ජල පිරිපහදු මධ්‍යස්ථාන 03ක් ජනතා අයිතියට
නාවික හමුදා සමාජීය මෙහෙවර ව්‍යාපෘතිය යටතේ, ත්‍රීකුණාමලය මොරවැව උතුර සිංහල විද්‍යාලයේ, අනුරාධපුර දිස්ත්‍රීක්කයේ නාච්චදූව අ/ දිවුල්වැව විද්‍යාල භූමියේ සහ මන්නාරම දිස්ත්‍රීක්කයේ පේසාලේ ග්‍රාමයේ ස්ථාපනය කල ප්‍රතිආශ්‍රැති ජල පිරිපහදු මධ්‍යස්ථාන තුනක් (03) ජනතා අයිතියට පත්කිරීම 2025 ඔක්තෝබර් මස 14, 17 සහ 18 යන දිනවල සිදුකෙරිණි.
නාවික හමුදාවේ තාක්‍ෂණික හා ශිල්පීය දායකත්වය ඇතිව, සෞඛ්‍ය අමාත්‍යාංශයේ මූලිකත්වයෙන් යුතුව ජනාධිපති ලේකම් කාර්යාලයේ මූල්‍ය දායකත්වයෙන් එක් (01) ජල පිරිපහදු මධ්‍යස්ථානයක්, ගම්මැද්ද සමාජසත්කාරක වැඩසටහයටතේ Oasis Plant and Seeds Exporters අධිපතිගේ මුල්‍ය දායකත්වයෙන් හා විශ්‍රාමික වරලත් ගණකාධිකාරී පී සිවේන්ද්‍රා මහතා සහ එම මැතිනියගේ මූල්‍ය දායකත්වයෙන් ස්ථාපනය කෙරුණු මෙම ප්‍රතිආශ්‍රැති ජල පිරිපහදු මධ්‍යස්ථාන දෙකත් (02) සමඟ, නාවික හමුදාව මඟින් ප්‍රතිආශ්‍රැති ජල පිරිපහදු මධ්‍යස්ථාන 1135 ක් ජනතා අයිතියට පත්කර ඇති අතර, මෙලෙස ජනතා අයිතියට පත්කරන ලද ජල පිරිපහදු මධ්‍යස්ථාන 03 මඟින්, ත්‍රිකුණාමලය මොරවැව උතුර සිංහල විද්‍යාලයේ, අනුරාධපුර දිස්ත්‍රීක්කයේ නාච්චදූව අ/ දිවුල්වැව විද්‍යාල භූමියේ සහ මන්නාරම දිස්ත්‍රීක්කයේ පේසාලේ ග්‍රාමය ආශ්‍රිතව ජීවත්වන විශාල පිරිසකගේ සහ පාසල් ළමුන්ගේ පිරිසිදු පානීය ජල අවශ්‍යතාවය පහසුවෙන් සපුරා ගැනීමට හැකියාව ලැබෙනු ඇත.
තවද, රජය මගින් ක්‍රියාත්මක ක්ලීන් ශ්‍රී ලංකා ජාතික ව්‍යපෘතියට සමගාමීව ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් පිරිසිදු පානීය ජලය ලබා දීමේ මෙම සමාජ සත්කාරය සඳහා ඉදිරියටත් අඛණ්ඩව දායක වෙයි.