ශ්රී ලංකාවේ තායිලන්ත තානාපති නාවික හමුදාධිපති හමුවෙයි
ශ්රී ලංකාවේ තායිලන්ත තානාපති, ගරු Paitoon Mahapannaporn මැතිතුමා 2025 ඔක්තෝබර් මස 21 වැනි දින නාවික හමුදා මූලස්ථානයේදී, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් කාන්චන බානගොඩ හමු විය.
මෙම නිල හමුවේදී, ශ්රී ලංකාවේ තායිලන්ත තානාපති සහ නාවික හමුදාධිපති අතර, ද්විපාර්ශ්වීය වශයෙන් වැදගත් කරුණු පිළිබඳ සුහද පිළිසඳරක් පැවැත්විණි.