37 වැනි කනිෂ්ඨ නාවික මාණ්ඩලික පාඨමාලාවේ සහ 23 වන උප ලුතිනන් තාක්‍ෂණ (විනයාරක්‍ෂක/ නාපාබල) පාඨමාලාවේ සහතික ප්‍රදානෝත්සවය ත්‍රිකුණාමලයේදී

ත්‍රිකුණාමලය නාවික හා සාගරික විද්‍යාපීඨයේ පැවති 37වැනි කණිෂ්ඨ නාවික මාණ්ඩලික පාඨමාලාවේ සහ 23 වන උප ලුතිනන් තාක්‍ෂණ (විනයාරක්‍ෂක/ නාපාබල) පාඨමාලාවේ සහතිකපත් ප්‍රදානෝත්සවය 2025 ඔක්තෝබර් මස 23වැනි දින, නාවික හා සාගරික විද්‍යාපීඨයේ ආඥාපති කොමදෝරු දිනේෂ් බණ්ඩාරගේ ආරාධනයෙන්, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් කාන්චන බානගොඩගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

ඒ අනුව, 37 වැනි කනිෂ්ඨ නිලධාරී මාණ්ඩලික පාඨමාලාවේ සහතික ප්‍රදානොත්සවයේදී, සියලුම අංශයන්ගෙන් වැඩිම ලකුණු ලබාගත් ශිෂ්‍ය නිලධාරියා හා හොඳම ඉදිරිපත් කරන්නාට හිමි සම්මානය ලුතිනන් කොමාණ්ඩර් (සංඥා) ඩබ්ඒපීකේ වගාරච්චි විසින්ද, හොඳම ආඥාපති නිබන්දනය ඉදිරිපත් කල ශිෂ්‍ය නිලධාරියාට හිමි සම්මානය බංගලාදේශ නාවික හමුදාවේ ලුතිනන් කොමාණ්ඩර් MD Mehedi Masud විසින්ද, සියලුම විෂයයන් සඳහා වැඩිම ලකුණු ලබාගත් ශිෂ්‍ය නිලධාරියා ලෙස ලුතිනන් කොමාණ්ඩර් කේඑස්පී පෙරේරා විසින් සහ පාඨමාලාවේ උද්යෝගීමත්ම නිලධාරියාට (Most Inspirational Officer) හිමි සම්මානය ලුතිනන් කොමාණ්ඩර් (මාලිමා) ආර්පීඑස්එස් ජයසිංහ විසින් දිනාගැනීමට සමත්විය.

එමෙන්ම, 23 වන උප ලුතිනන් තාක්‍ෂණ (විනයාරක්‍ෂක/ නාපාබල) පාඨමාලාවේ සහතික ප්‍රදානොත්සවයේදී සියලුම අංශයන් සඳහා වැඩිම ලකුණු ලබාගත් ශිෂ්‍ය නිලධාරියා හා හොඳම ඉදිරිපත් කරන්නාට හිමි සම්මානය උප ලුතිනන් (නාපා) ඒඑම්එස්ඩී දිසානායක විසින්ද, හොඳම ආඥාපති නිබන්දනය ඉදිරිපත් කල ශිෂ්‍ය නිලධාරියාට හිමි සම්මානය උප ලුතිනන් (නාපා) එම්ඩීටීපි පීරිස් විසින්ද, සියලුම නාවික පාබල අංශයේ විෂයයන් සඳහා වැඩිම ලකුණු ලබාගත් ශිෂ්‍ය නිලධාරියා ලෙස උප ලුතිනන් (නාපා) ඒඑම්ඊඩී සෙනෙවිරත්න විසින් සහ සියලුම විනයාරක්‍ෂක අංශයේ විෂයන් සඳහා වැඩිම ලකුණු ලබාගත් ශිෂ්‍ය නිලධාරියා උප ලුතිනන් (‍විආ) එම්යුඑස් කුමාර විසින්ද දිනාගැනීමට සමත්විය.

තවද, මෙම අවස්ථාව සඳහා නැගෙනහිර නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් රවීන්ද්‍ර තිසේරා ඇතුළු එම විධානයේ ජ්‍යේෂ්ඨ නිලධාරීන්, යුද හා ගුවන් හමුදා ජ්‍යේෂ්ඨ හා කණිෂ්ඨ නිලධාරීන්, කණිෂ්ඨ නාවික මාණ්ඩලික පාඨමාලාවේ උපදේශක කාර්ය මණ්ඩලය සහ ශිෂ්‍ය නිලධාරීන්ගේ පවුල්වල සාමාජිකයින් පිරිසක් සහභාගී වී සිටියහ.