තණමල්විල කිතුල්කොටේ රතන සදහම් භාවනා මධ්‍යස්ථානයේ වාර්ෂික කඨින පුණ්‍ය මහෝත්සවය නාවික හමුදාවේ දායකත්වයෙන් සාර්ථකව පවත්වයි
තණමල්විල කිතුල්කොටේ රතන සදහම් භාවනා මධ්‍යස්ථානයේ වාර්ෂික කඨින පුණ්‍ය මහෝත්සවය ශ්‍රී ලංකා නාවික හමුදාවේ සහ නාවික හමුදා බෞද්ධ සංගමයේ බැති බර දායකත්වයෙන් 2025 ඔක්තෝබර් මස 25 සහ 26 දෙදින උත්කර්ෂවත් අයුරින් පැවැත්වීමට කටයුතු කෙරිණි.
ඒ අනුව, 2025 ඔක්තෝබර් මස 25 දින විචිත්‍රවත් පෙරහැරක් මඟින් කඨින චීවරය කිතුල්කොටේ රතන සදහම් භාවනා මධ්‍යස්ථානය වෙත වැඩම කරවා, බෞද්ධාගමික වත්පිළිවෙත් සිදු කිරීමෙන් අනතුරුව, බෝධි පුජා පිංකමක් සහ සර්වරාත්‍රික පිරිත් සජ්ජායනාවක් පැවැත්විණි. පසු දින වැඩමවා වදාල මහා සංගරත්නය සහ මෙහෙණින් වහන්සේ වෙනුවෙන්, දානමය පුණ්‍යකර්මය සිදු කෙරිණි.
තවද, මෙම කඨිණ පුණ්‍ය මහෝත්සවය සඳහා නාවික හමුදාධිපති ඇතුළු නාවික හමුදා මුලස්ථානයේ හා නාවික හමුදා බෞද්ධ සංගමයේ සහ දකුණු නාවික විධානයේ ජ්‍යේෂ්ඨ හා කණිෂ්ඨ නිලධාරීන්, නාවිකයන් මෙන්ම ප්‍රදේශයේ බැතිමතුන් පිරිසක්ද සහභාගි වී සිටියහ.


