රසායනික, ජීව විද්‍යාත්මක, විකිරණ සහ න්‍යෂ්ටික උපද්‍රව පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහනක් නාවික තාක්‍ෂණික ආයතනයේදී

NAVSTRAT-2030 උපායමාර්ගික සැලැස්මට අනුකූලව ජීව විද්‍යාත්මක, විකිරණ සහ න්‍යෂ්ටික උපද්‍රව පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහනක්, ‘Developing Capabilities of CBRN First Response,” යන තේමාව යටතේ 2025 ඔක්තෝබර් මස 22 වැනි දින සිට 23 වැනි දින දක්වා නාවික තාක්‍ෂණික ආයතනයේදී සාර්ථකව පැවැත් වීමට නාවික හමුදා ඉංජිනේරු දෙපාර්තමේන්තුව මඟින්, කටයුතු කෙරිණි.

මෙම වැඩසටහන, ශ්‍රී ලංකා පරමාණුක බලශක්ති නියාමන සභාව (SLAERC), ශ්‍රී ලංකා රේගුව, රසායනික අවි සම්මුතිය ක්‍රියාත්මක කිරීම සඳහා වූ ජාතික අධිකාරිය සහ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ආපදා සූදානම සහ ප්‍රතිචාර අංශයේ විශේෂඥ මණ්ඩලයක් විසින් මෙහෙයවන ලද අතර, ඒ සඳහා නාවික හමුදා පුද්ගලයින් 44 දෙනෙකු සහභාගී විය.

මෙම පුහුණු වැඩසටහන මඟින්, ජීව විද්‍යාත්මක, විකිරණ සහ න්‍යෂ්ටික කටයුතු ආශ්‍රිත රාජකාරීන්හි නියුතු නාවික පුද්ගලයින් දැනුවත් කිරීම, හදිසි උපද්‍රව අවස්ථාවන් කළමනාකරණය කිරීම, ප්‍රතිචාර දැක්වීම, ඒ සඳහා වෘත්තීය නිපුණතාවය සහ සූදානම ශක්තිමත් කිරීම සහ දැනුවත්භාවය වර්ධනය කිරීම නාවික හමුදාව අපේක්‍ෂා කෙරිණි.