පාරිසරික තිරසාරත්වය අගයමින් උතුරු නාවික විධානය ජනාධිපති පරිසර රිදී සම්මානයෙන් පිදුම් ලබයි
11 වැනි ජනාධිපති පරිසර සම්මාන උළෙල - 2025, මධ්‍යම පරිසර අධිකාරියේ සංවිධායකත්වයෙන්, 2025 ඔක්තෝබර් මස 23 වැනි දින කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මණ්ත්‍රන ශාලාවේදී ගරු ජනාධිපති අනුර කුමාර දිසානායක මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් සාර්ථකව පැවැත්වුණු අතර, එහිදී පරිසර හිතකාමී රාජ්‍ය ආයතන අංශයෙන් ජනාධිපති රිදී සම්මානය උතුරු නාවික විධානය වෙත ප්‍රදානය කිරීම සිදු කෙරිණි.
තිරසාර සංවර්ධනයක් කරා ගමන් කිරීමේදී පාරසරික සංරක්‍ෂණය සහ ආරක්‍ෂාව වෙනුවෙන් සාම්ප්‍රදායික පිළිවෙත් ඉක්මවා යමින්, පාරසරික තිරසාරභාවය සඳහා සුවිශේෂී කැපවීමක් පෙන්නුම් කරනු ලබන විවිධ අංශ ආවරණය වන පරිදි පුද්ගලයින් සහ ආයතන ඇගයීම මෙම විශේෂ ජනාධිපති පරිසර සම්මාන පිරිනැමීමේ උත්සවයේ අරමුණ විය.
මෙම උත්සවයේදී, කර්මාන්ත, අධ්‍යාපන, රාජ්‍ය හා පෞද්ගලික ආයතන, රාජ්‍ය නොවන සංවිධාන ඇතුළු විවිධ අංශ 132ක් ජනාධිපති පරිසර සම්මානයට පාත්‍රවිය.




