ජපාන සමුද්‍රීය ස්වයං ආරක්‍ෂක බලකායට අයත් AKEBONO නෞකාව නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණෙයි

ජපාන සමුද්‍රීය ස්වයං ආරක්‍ෂක බලකායට අයත් ‘AKEBONO’ නෞකාව නිල සංචාරයක් සඳහා අද (2025 ඔක්තෝබර් 28) දිවයිනට පැමිණි අතර, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් එම නෞකාව නාවික හමුදා සම්ප්‍රදායානුකුලව පිළිගැනීම කොළඹ වරායේදී සිදු කෙරිණි.

මෙලෙස දිවයිනට පැමිණි Destroyer වර්ගයට අයත් ‘AKEBONO’ නෞකාව, දිගින් මීටර් 150.5 ක් හා නැව් මුළුව 158ක ගෙන් සමන්විත අතර, නෞකාවේ අණදෙන නිලධාරී ලෙස, කොමාණ්ඩර් ARAI Katsutomo කටයුතු කරනු ලබයි.

‘AKEBONO’ නෞකාව මෙරට රැඳී සිටින කාලසීමාව තුළ එහි නැව් මුළුව දිවයිනේ වැදගත් ස්ථාන නැරඹීම සඳහා ප්‍රදේශ කිහිපයක සංචාරය කිරීමට මෙන්ම, දෙරටේ නාවික හමුදා අතර සුහදත්වය වර්ධනය කිරීම වෙනුවෙන් ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් සංවිධානය කරනු ලබන වැඩසටහන් සඳහාද සහභාගි වීමට නියමිතව ඇත.

තවද, නිල සංචාරය අවසන් කරමින් ‘AKEBONO’ නෞකාව 2025 ඔක්තෝබර් මස 31 වන දින දිවයිනෙන් පිටත්ව යාමට නියමිතව ඇති අතර, එහිදී ශ්‍රී ලංකා නාවික හමුදා නෞකාවක් සමඟ බටහිර නාවික විධානයට අයත් මුහුදු තීරයේදී නාවික අභ්‍යාසයක (PASSEX) නිරත වීමටද නියමිතව ඇත.