නාවික හමුදාවේ 75 වැනි සංවත්සරය නිමිත්තෙන් දකුණු නාවික විධානයේ රුක් රෝපන වැඩ සටහනක් දියත් කෙරේ

2025 දෙසැම්බර් මස 09 වන දිනට යෙදී තිබෙන ශ්‍රී ලංකා නාවික හමුදාවේ අභිමානවත් 75 වන සංවත්සරය නිමිත්තෙන් නාවික හමුදාව සංවිධානය කල දීප ව්‍යාප්ත රුක් රෝපන වැඩසටහන යටතේ දකුණු නාවික විධානය විසින් සංවිධානය කල රුක් රෝපන වැඩ සටහන 2025 ඔක්තෝබර් මස 27 වැනි දින සාර්ථකව පැවැත්විණි.

ඒ අනුව දකුණු නාවික විධානයෙහි රුක්රෝපණ වැඩසටහන යටතේ එම පරිසරයට උච්ත දිගුකාලීන පාරිසරික තිරසාරත්වයට දායක වන විවිධ පැල වර්ග දකුණු නාවික විධානයේ වෙරළ, කලපු සහ ගොඩබිම් ප්‍රදේශ ආවරණය වන පරිදි රෝපණය කිරීම එහිදී සිදුකෙරිණි.

තවද, මෙම වැඩසටහන සඳහා දකුණු නාවික විධානයේ ආඥාපති, ජ්‍යෙෂ්ඨ නිලධාරින්, ජ්‍යෙෂ්ඨ සහ කණිෂ්ඨ නාවිකයින් ඇතුළු පිරිසක් සහභාගී වී සිටියහ.