මැලේසියානු වෙරළාරක්‍ෂක බලකායට අයත් ‘KM BENDAHARA’ නෞකාව දිවයිනෙන් පිටත් වෙයි

මැලේසියානු නාවික හමුදාවට අයත් ‘KM BENDAHARA’ යුද නෞකාව, සැපයුම් හා සේවා අවශ්‍යතා සපුරාගැනීමෙන් අනතුරුව, අද (2025 ඔක්තෝබර් 30) දිවයිනෙන් පිටත්ව යන ලද අතර, එම නෞකාව වෙත ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් නාවික හමුදා සම්ප්‍රදායානුකූලව සමුදීම, කොළඹ වරායේදී සිදු කෙරිණි.

තවද, ‘KM BENDAHARA’ යුද නෞකාව දිවයිනේ රැඳී සිටි කාලසීමාව තුළ එහි නැව් මුළුව කොළඹ ප්‍රදේශයේ ආකර්ෂණීය සංචාරක ස්ථාන නැරඹීම සඳහාද සහභාගී විය.