නාවික හමුදාවේ අභිමානවත් 75 වන සංවත්සරයට සමගාමීව විශේෂ ජංගම දන්ත වෛද්‍ය සායනයක් වේයන්ගොඩදී
ශ්‍රී ලංකා නාවික හමුදාවේ අභිමානවත් 75 වන සංවත්සරය නිමිත්තෙන් සහ ලෝක මුඛ සෞඛ්‍ය දිනය හා ලෝක ළමා දිනය වෙනුවෙන් සංවිධානය කළ විශේෂ ජංගම දන්ත වෛද්‍ය සායනයක් 2025 ඔක්තෝබර් මස 26 වැනි දින, වේයන්ගොඩ සිරිසුමන දහම්පාසලේදී සාර්ථකව පැවැත්විණි.
ඒ අනුව, නාවික හමුදා දන්ත වෛද්‍ය දෙපාර්තමේන්තුව විසින් සංවිධානය කල මෙම දන්ත වෛද්‍ය සායනය සඳහා වේයන්ගොඩ සිරි සුමන දහම් පාසලේ දරුදැරියන් සහ ඔවුන්ගේ දෙමාපියන්ගේ සහභාගීත්වයෙන් පැවැත්විණි.
මෙම දන්ත වෛද්‍ය සායනයේදී දහම් පාසල් දරුදැරියන් සහ දෙමාපියන් වෙත නොමිලේ දන්ත පරීක්‍ෂා කිරීම හා පිරිසිදු කිරීම ඇතුළු මුඛ සෞඛ්‍ය සේවාවන් ලබා ගැනීමට අවස්ථාව උදාවු අතර, එම සායනයේදී දන්ත සෞඛ්‍ය ඉහල නැංවීම සහ නිසි මුඛ සෞඛ්‍ය පිළිවෙත් පිළිබඳ දහම් පාසල් දරුදැරියන් සහ දෙමාපියන් දැනුවත් කිරීමද සිදුකෙරුණි.


