පුත්තලම සෙම්බුකුලිය වැවේ අක්‍රීය සොරොව් දොරටුව අළුත්වැඩියාව සඳහා නාවික හමුදා කිමිදුම් සහය
පුත්තලම, මහකුඹුක්කඩවල, සෙම්බුකුලිය වැවේ අක්‍රීය තත්වයේ පැවති සොරොව් දොරටුව අළුත්වැඩියා කර නැවත ක්‍රියාකාරී තත්වයට පත් කිරීම සඳහා, 2025 ඔක්තෝබර් මස 27 වැනි දින කිමිදුම් සහාය ලබා දීමට නාවික හමුදාව විසින් කටයුතු කෙරිණි.
සෙම්බුකුලිය වැවේ අක්‍රීයවී ඇති සොරොව්ව පරීක්‍ෂාකර අවශ්‍ය අළුත්වැඩියාව සඳහා නාවික හමුදාවේ කිමිදුම් සහය ලබා දෙන ලෙසට, සිදුකෙරුණු ඉල්ලීමට කඩිනමින් ප්‍රතිචාර දැක්වු නාවික හමුදාව, ඒ සඳහා වයඹ නාවික විධානයට අයත් කිමිදුම් කණ්ඩායමක සහය ලබා දීමට කටයුතු කෙරිණි.
ඒ අනුව, වයඹ නාවික විධානයේ ආඥාපතිගේ අධික්‍ෂණයෙන් යොමු කෙරුණු, නාවික හමුදා කිමිදුම් කණ්ඩායම මඟින් දිරපත්ව තිබූ සොරොව් දොරටුව මහත් පරිශ්‍රමයක් යොදා සාර්ථකව ප්‍රථිසංස්කරණය කර එහි ක්‍රියාකාරීත්වය යථාතත්වයට පත් කිරීමට කටයුතු කෙරිණි.






