සමුද්‍රීය ආරක්‍ෂාව තහවුරු කිරීමට හා නීති විරෝධී ධිවර කටයුතු මැඩලීමට ශක්තිමත් ඒකාබද්ධ වැඩසටහනක් සඳහා නාවික හමුදාව, රාජ්‍ය ආයතන සහ වයඹ පලාතේ ධිවර ප්‍රජාව එක්වෙයි
තිරසාර ධීවර කර්මාන්තය සහ සමුද්‍රීය පරිසරයේ ජෛව විවිධත්වය සංරක්‍ෂණය කිරිම වෙනුවෙන් ඒකාබද්ධ ප්‍රවේශයක් සඳහා; වයඹ පළාතේ ප්‍රදේශීය ලේකම් කාර්යාල, ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව, ශ්‍රි ලංකා පොලීසිය, රේගු දෙපාර්තමේන්තුව, වනජීවී සංරක්‍ෂණ දෙපාර්තමේන්තුව, වෙරළ සංරක්‍ෂණ හා වෙරළ සම්පත් කළමණාකරන දෙපාර්තමේන්තුව, මධ්‍යම පරිසර අධිකාරිය, වන සංරක්‍ෂණ දෙපාර්තමේන්තුව සහ වයඹ පළාත් ධීවර සංගම් නියෝජිතයින්ගේ සහභාගීත්වයෙන් විෂය ප්‍රාමාණික අදහස්, යෝජනා සහ සැලසුම් පිළිබඳ සැසියක්, වයඹ නාවික විධානයේ ආඥාපතිගේ ප්‍රධානත්වයෙන්, 2025 නොවැම්බර් මස 11 වැනි දින පුත්තලම, ශ්‍රී ලංකා නාවික නෞකා තම්බපන්නි ආයතනයේදී පැවැත්විණි.
ඒ අනුව, මෙම සැසිය තුලදී, වයඹ පළාතේ නිතී විරෝධි කටයුතු පාලනය සදහා නාවික හමුදාවේ දායකත්වය සහ සමුද්‍රීය හා ධීවර රෙගුලාසීන්ට අදාළ නීතිමය රාමුව පිළිබඳව මෙන්ම, වයඹ මුහුදු ප්‍රදේශයේ සිදු කරනු ලබන මෙහෙයුම් සහ එම මෙහෙයුම් කාර්යක්ෂමව සිදු කිරීමට අවශ්‍ය සම්බන්ධීකරණය වැඩි දියුණු කිරීමට ගත යුතු පියවර සම්බන්ධයෙන් මෙම සැසියෙහිදී අවධානය යොමු කෙරිණි.
තවද, ප්‍රදේශයේ නීති විරෝධී ධීවර කටයුතු මැඩපැවැත්වීම, මසුන් ඇල්ලීමේ සම්මත පන්න ක්‍රම භාවිතය ප්‍රවර්ධනය කිරීම, ජාවාරම්කරුවන් නීතියේ රැහැනට හසුකර ගැනීම, මෙහෙයුම් සඳහා තොරතුරු බෙදා ගැනීමේ යාන්ත්‍රණය ශක්තිමත් කිරීම සහ සමුද්‍රීය ආරක්‍ෂාව තහවුරු කිරීම වෙනුවෙන් සහයෝගී ප්‍රවේශයකිත් කටයුතු කිරිම පිළිබඳව මෙම සැසිය තුලදී විශේෂ අවධානය යොමු කෙරිණි.


