සැපයුම් හා සේවා අවශ්‍යතා සපුරා ගැනීම සඳහා දිවයිනට පැමිණි ‘PNS SAIF’ යුද නෞකාව දිවයිනෙන් පිටත් වෙයි
සැපයුම් හා සේවා අවශ්‍යතා සපුරා ගැනීම සඳහා 2025 නොවැම්බර් මස 18 වැනි දින දිවයිනට පැමිණි පාකිස්ථානු නාවික හමුදාවට අයත් ‘PNS SAIF’ යුද නෞකාව, අද (2025 නොවැම්බර් 19) උදෑසන දිවයිනෙන් පිටත් වූ අතර, එම නෞකාව වෙත ශ්‍රිලංකා නාවික හමුදාව විසින් නාවික හමුදා සම්ප්‍රදායානුකූලව සමුදීම, කොළඹ වරායේදී සිදු කෙරිණි
FRIGATE (FFG) වර්ගයට අයත් ‘PNS SAIF’ යුද නෞකාව දිගින් මීටර් 123ක් වන අතර, නෞකාවේ අණදෙන නිලධාරි ලෙස CAPTAIN ASFAND FARHAN KHAN කටයුතු කරණු ලබයි. මෙම නෞකාව දිවයිනේ රැදී සිටී කාලය තුලදී එහි නැව් මුළුව කොළඹ ප්‍රදේශයේ සංචාරක ස්ථානයන් නැරඹීම සඳහාද සහභාගී වූහ.











