දිවිපිදූ සන්නද්ධ හමුදා සාමාජිකයන් සිහිපත් කිරීම සංකේතවත් කරමින් නාවික හමුදා සංගමය විසින් නාවික හමුදාධිපති වෙත පොපි මලක් පළඳවයි

මාතෘ භූමියේ ආරක්‍ෂාව වෙනුවෙන් පළමු ලෝක යුද සමයේ සිට මේ දක්වා දිවි පිදූ සන්නද්ධ හමුදා සාමාජිකයන් අනුස්මරණය කිරිම සහ ඔවුන්ගේ උදාර කැපවීමට ගෞරව දැක්වීම සංකේතවත් කරමින් පැවැත්වෙන පොපි මල් සැමරුමට සමගාමීව ශ්‍රී ලංකා නාවික හමුදා සංගමයේ සභාපති, රියර් අද්මිරාල් මනිල් මෙන්ඩිස් (විශ්‍රාමික) විසින් නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් කාන්චන බානගොඩ වෙත පොපි මලක් පැළඳවීම 2025 නොවැම්බර් මස 19 වැනි දින නාවික හමුදා මූලස්ථානයේදී සිදු කෙරිණි.

මාතෘ භූමියේ ආරක්‍ෂාව වෙනුවෙන් පළමු ලෝක යුද සමයේ සිට මේ දක්වා දිවි පිදූ සන්නද්ධ හමුදා සාමාජිකයන් අනුස්මරණය කිරිම සහ ඔවුන්ගේ උදාර කැපවීමට ගෞරව දැක්වීම සංකේතවත් කරමින් මෙම පොපි මල් සැමරුම පවත්වනු ලබයි. ඒ අනුව, යුද්ධයේදී ජීවිත පරිත්‍යාගයෙන් කටයුතු කළ සියළුම විරෝධාර නාවික රණවිරුවන් අනුස්මරණය කරමින් ශ්‍රී ලංකා නාවික හමුදා සංගමයේ සභාපති විසින් නාවික හමුදාධිපති වෙත පොපි මලක් පැළඳවීම මෙලෙස නාවික හමුදා මුලස්ථානයේදී 2025 නොවැම්බර් මස 19 වැනි දින සිදු කෙරිණි.

තවද, මෙම අවස්ථාව සඳහා ශ්‍රී ලංකා නාවික හමුදා සංගමයේ උප සභාපති රියර් අද්මිරාල් රොහාන් අමරසිංහ (විශ්‍රාමික) ඇතුළු සාමාජිකයින් පිරිසක් සහභාගි වී සිටියහ.