ජාත්‍යන්තර යුද නෞකා නිරික්‍ෂණය 2025 සඳහා සහභාගී වීමට විදේශීය යුද නෞකා දිවයිනට පැමිණෙයි
ශ්‍රිලංකා නාවික හමුදාවේ අභිමානවත් 75 වැනි සංවත්සරය වෙනුවෙන් කලාපීය හා ගෝලීය රාජ්‍යන් හතක (07) යුද නෞකා සහභාගීත්වයෙන් 2025 නොවැම්බර් මස 30 දින ගාළු මුවදොරට ඔබ්බෙන් වු මුහුදේදි පැවැත්වීමට නියමිත, ජාත්‍යන්තර යුද නෞකා නිරීක්‍ෂණය - 2025 සඳහා සහභාගිවීම සඳහා බංග්ලාදේශය සහ ඉන්දියාව නියෝජනය කරමින් යුද නෞකා තුනක් (03) 2025 නොවැම්බර් මස 25 සහ 26 දෙදින දිවයිනට පැමිණි අතර, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් එම යුද නෞකා නාවික හමුදා සම්ප්‍රදායානුකුලව පිළිගැනීම, කොළඹ වරායේදී සිදු කෙරිණි.
මෙලෙස දිවයිනට පැමිණි බංගලාදේශ නාවික හමුදාවේ ‘PROTTOY’ යුද නෞකාව, දිගින් මීටර් 90.1 ක් වන අතර, එහි අණදෙන නිලධාරී ලෙස CAPTAIN MD TOUHIDUL HAQUE BHUIYAN, කටයුතු කරනු ලබයි.
ජාත්‍යන්තර යුද නෞකා නිරීක්‍ෂණය - 2025 සඳහා ඉන්දියානු නාවික හමුදාවේ යුද නෞකා දෙකක් සහභාගී වේ. ඒ අනුව, දිවයිනට පැමිණි ඉන්දියානු නාවික හමුදාවට අයත් INS VIKRANT ගුවන් යානා ප්‍රවාහන නෞකාව දිගින් මීටර් 262.5ක් හා එහි අණදෙන නිලධාරී ලෙස කපිතාන් Ashok Rao කටයුතු කරනු ලබන අතර, INS UDAYAGIRI යුද නෞකාව, දිගින් මීටර් 149.2ක් හා එහි අණදෙන නිලධාරී ලෙස කපිතාන් Vikas Sood කටයුතු කරනු ලබයි.
තවද, ජාත්‍යන්තර යුද නෞකා නිරික්‍ෂණය 2025 ට සමඟාමීව, නාවික හමුදා අතර අන්‍යෝන්‍යය සහයෝගීත්වය වැඩිදියුණු කිරීම වෙනුවෙන් වැඩසටහන් ගණනාවක් පැවැත්වීමට ශ්‍රී ලංකා නාවික හමුදාව කටයුතු සංවිධානය කර ඇත. ඒ අනුව, මෙම යුද නෞකාවන්ගේ කාර්යය මණ්ඩලයන්ගේ සහභාගීත්වයෙන් වෙරළ පවිත්‍රතා වැඩසටහනක්, ක්‍රීඩා වැඩසටහනක්, ජාත්‍යන්තර ආහාර ප්‍රදරශනයක්, ජාත්‍යන්තර තූර්ය වාදක සංදර්ශනයක් සහ නගර පෙලපාලියක් 2025 නොවැම්බර් 28 සහ 29 දෙදින පැවැත්වීමට නියමිතව ඇත.


