මාලදිවයින් ජාතික ආරක්ෂක බලකායේ ප්‍රධානී නිල හමුවක් සඳහා නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී හමුවෙයි

ශ්‍රී ලංකාවේ නිල සංචාරයක නිරත මාලදිවයින් ජාතික ආරක්‍ෂක බලකායේ ප්‍රධානී, මේජර් ජෙනරාල් Ibrahim Hilmy (Chief of Defence Force of Maldives National Defence Force -MNDF), 2025 දෙසැම්බර් මස 01 දින නිල හමුවක් සඳහා නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී රියර් අද්මිරාල් ඩේමියන් ප්‍රනාන්දු හමුවිය.

ඒ අනුව, මාලදිවයින් ජාතික ආරක්ෂක බලකායේ ප්‍රධානී වෙත විශේෂ සම්මාන මුරයක් මඟින් ආචාරය පිරිනමා නාවික හමුදා මූලස්ථානය වෙත පිළිගැනීමෙන් අනතුරුව, නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී සහ මාලදිවයින් ජාතික ආරක්ෂක බලකායේ ප්‍රධානී අතර දෙරටේ නාවික සහයෝගීතාවය ඇතුළු ද්වීපාර්ශික වශයෙන් වැදගත් කරුණු පිළිබඳ සුහද පිළිසඳරක් පැවැත්විණි.

තවද, එම අවස්ථාව සනිටුහන් කරමින් දෙපාර්ශවය අතර සමරු තිළිණ හුවමාරුවක්ද සිදු කෙරිණි.