ගංවතුරෙන් ආපදාවට පත් ජනතාව වෙනුවෙන් මානුෂීය ආධාර සහ ආපදා සහන මෙහෙයුම් ඇතුළු අත්‍යාවශ්‍ය සේවා සැපයීමට නාවික හමුදා සහය

ගංවතුරෙන් පීඩාවට පත් ජනතාවට මානුෂීය ආධාර හා ආපදා සහන සැලසීම වෙනුවෙන් දිවයිනම ආවරණය වන පරිදි විශේෂ වැඩ පිළිවෙලක් නාවික හමුදාව ක්‍රියාවට නංවා ඇත. ඒ යටතේ ජල සැපයුම් පද්ධති, විදුලි පද්ධති හා මාර්ග යතා තත්වයට පත්කිරීම, වෛද්‍ය සේවා, වියළි ආහාර, පානීය ජලය ලබාදීම සඳහා අද දිනයේද (2025 දෙසැම්බර් 02) නාවික හමුදාවේ සහය ලබාදීම සිදුකෙරිණි.

ඒ අනුව, මහනුවර මහවැලි ගඟ හරහා ලේවැල්ල ප්‍රද්ශයේ ඇති පාලම තුල සිරවී ඇති දැව කඳන් ඇතුළු කසල ඉවත් කිරීම, මහනුවර මොරගොල්ල ප්‍රදේශයේ මාර්ගයට කඩාවැටුණු පස් කඳු ඉවත් කිරීම, ගම්පහ ප්‍රදේශයේ පොදු ස්ථාන, නිවාස සහ ජල ලිං පිරිසිදු කිරීම, නාත්තන්ඩිය ප්‍රදේශයේ විදුලි පද්ධතිය යතාතත්වයට පත් කිරීම සඳහා සහය වීම, අඹතලේ ජල පවිත්‍රාගාරය තුල දියයට නඩත්තු කටයුතු සිදුකිරීම සඳහා කිමිදුම් සහය ලබාදීම. කඩුවෙල, වැල්ලම්පිටිය, බියගම, කටාන, කොටිකාවත්ත, වැල්ලම්පිටිය, මුල්ලේරියාව, මල්වාන සහ කොත්මලේ ප්‍රදේශයේ ජනතාව වෙනුවෙන් වියළි ආහාර හා පානිය ජලය ලබාදීම වෙනුවෙන් මෙලෙස නාවික හමුදාවේ දායකත්වය ලබාදීම සිදුකෙරිණි.