දිවයිනට පැමිණි ඉන්දීය යුද නෞකා වෙතින් අයහපත් කාලගුණික තත්වයෙන් ආපදාවට පත් ජනතාව වෙත මානුෂීය ආධාර
පසුගියදා ජාත්‍යන්තර යුද නෞකා නිරීක්‍ෂණය වෙනුවෙන් දිවයිනට පැමිණි ඉන්දීය නාවික හමුදාවේ INS VIKRANT හා INS UDAYGIRI යුද නෞකා වෙතින් දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණ තත්වය හමුවේ පීඩාවට පත් ජනතාව වෙනුවෙන් මානුෂීය ආධාර තොගයක් ලබා දීම 2025 නොවැම්බර් මස 28 වැනි දින සිදුකෙරිණි.
තවද, ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් කාර්යාලයේ සම්බන්ධීකරණයෙන්, දිවයිනට බලපෑ අයහපත් කාලගුණික තත්වය හමුවේ ආපදාවට පත් ජනතාව වෙත බෙදා දීම සඳහා තවත් මානුෂීය ආධාර විශාල තොගයක් රැගත්, ඉන්දීය නාවික හමුදාවේ INS SUKANYA යුද නෞකාව 2025 දෙසැම්බර් මස 01 වන දින දිවයිනට පැමිණි අතර, එම අවස්ථාව සඳහා නැගෙනහිර නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් රවීන්ද්‍ර තිසේරා ඇතුළු රාජ්‍ය නිලධාරීන් පිරිසක් සහභාගි වුහ.


