දිවයිනට පැමිණි පාකිස්තානු නාවික හමුදාවේ PNS SAIF යුද නෞකා වෙතින් අයහපත් කාලගුණික තත්වයෙන් ආපදාවට පත් ජනතාව වෙත මානුෂීය ආධාර

පසුගියදා ජාත්‍යන්තර යුද නෞකා නිරීක්‍ෂණය වෙනුවෙන් දිවයිනට පැමිණි පකිස්තානු නාවික හමුදාවේ PNS SAIF යුද නෞකාව වෙතින් දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණ තත්වය හමුවේ පීඩාවට පත් ජනතාව වෙනුවෙන් මානුෂීය ආධාර තොගයක් ලබා දීම 2025 නොවැම්බර් මස 28 වැනි දින සිදුකෙරිණි.

තවද, ශ්‍රී ලංකාවේ පාකිස්තානු මහකොමසාරිස් කාර්යාලයේ සම්බන්ධීකරණයෙන්, සිදුකෙරුණු මෙම මානුෂීය ආධාර ලබා දීමේ අවස්ථාව සඳහා බටහිර නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් ජගත් කුමාර සහ PNS SAIF යුද නෞකාවේ අණදෙන නිලධාරී CAPTAIN Asfand Farhan Khan සහභාගි වුහ.