75 වන නාවික හමුදා සංවත්සරයට සමඟාමීව ලේ දන්දීමේ වැඩසටහනක් සංවිධානය කරයි

ශ්‍රී ලංකා නාවික හමුදාවේ අභිමානවත් 75 වෙනි සංවත්සරය වෙනුවෙන්, සමාජමය, පාරසරික හා සදාචාරාත්මක මුලපිරීම් ආවරණය වන පරිදි නාවික හමුදාව ආගමික, පාරසරික හා සමාජ සත්කාරක වැඩසටහන් මාලාවක් පවත්වනු ලබයි. ඒ යටතේ නාවික හමුදාවේ තවත් සමාජ සත්කාර්යයක් ලෙස සංවිධානය කළ ලේ දන්දීමේ වැඩසටහනක්, කොළඹ නාවික මහ රෝහල් පරිශ්‍රයේදී සහ උතුරු මැද නාවික රෝහල් පරිශ්‍රයේදී 2025 දෙසැම්බර් මස 02 වැනි දින පැවැත්විණි.

ඒ අනුව, නාවික හමුදා 75 වන සංවත්සරයට සමඟාමීව සහ ජාතික ආපදා තත්වය මත පවත්නා රුධිර අවශ්‍යතාවය සැලකිල්ට ගනිමින් සංවිධානය කල මෙම ලේ දන්දීමේ වැඩසටහන්, රාගම උතුරු කොළඹ ශීක්‍ෂණ රෝහල, අනුරාධපුරය ශීක්‍ෂණ රෝහල හා වව්නියාව දිස්ත්‍රික් රෝහලේ ‍ලේ බැංකු හා සම්බන්ධීකරණයවී, සංවිධානය කෙරිණි.

තවද, මෙම උතුම් සමාජ සත්කාර්යය සාර්ථක කර ගැනීම සඳහා බටහිර නාවික විධානයේ සහ උතුරු මැද නාවික විධානයට අයත් නාවික හමුදා පුද්ගලයින් විශාල පිරිසක් ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වී දායකත්වය දැක්වූහ.