අයහපත් කාලගුණික තත්වය හමුවේ ආපදාවට පත් මාර්ග පිළිසකර කිරීමට නාවික හමුදා සහය

අයහපත් කාලගුණික තත්වය හමුවේ ආපදාවට පත් මාර්ග ඇතුළු පොදු ස්ථාන යතාතත්වයට පත්කිරීම වෙනුවෙන්, දිවයිනම ආවරණය වන පරිදි නාවික හමුදාව ක්‍රියාවට නංවා ඇති විශේෂ වැඩ පිළිවෙල යටතේ, ආපදාවට පත් මහනුවර හන්තාන මාර්ගය සහ වත්තේගම හාතලේ මාර්ගය පිළිසකර කිරීම අද (2025 දෙසැම්බර් 05) නාවික හමුදා දායකත්වයෙන් සිදුකෙරිණි.

ඒ අනුව, අයහපත් කාලගුණය හමුවේ ඇතිවූ අධික වැසි තත්වය හමුවේ, ගමනාගමනය අවහිරවන ලෙස මහනුවර හන්තාන මාර්ගය වෙත ඇදවැටුණු පස් කඳු ඉවත් කිරීම සඳහා මහනුවර ප්‍රාදේශීය ලේඛම් කාර්යාලය වෙතත්, වත්තේගම පන්විල සිට හාතලේ දක්වා දිවෙන මාර්ගය වෙත ඇදවැටුණු පස් කඳු ඉවත් කිරීම සඳහා පන්විල ප්‍රාදේශීය ලේඛම් කාර්යාලය වෙතත් මෙලෙස නාවික හමුදාවේ දායකත්වය ලබාදීම සිදුකෙරිණි.