අයහපත් කාලගුණික තත්වය හමුවේ ආපදාවට පත් මාදම්පේ ප්‍රදේශයේ ජල නල පද්ධතිය යතාතත්වයට පත්කිරීමට නාවික හමුදා සහය

අයහපත් කාලගුණික තත්වය හමුවේ ආපදාවට පත් පොදු ස්ථාන යතාතත්වයට පත්කිරීම වෙනුවෙන්, දිවයිනම ආවරණය වන පරිදි නාවික හමුදාව ක්‍රියාවට නංවා ඇති විශේෂ වැඩ පිළිවෙල යටතේ, ජල ගැලීමෙන් හානියට පත්, මාදම්පේ නෙලුම්පොකුන ජල පවිත්‍රාගාරයේ සිට ජලය බෙදාහරිනු ලබන ජල නල පද්ධතිය පිළිසකර කර නැවත යතාතත්වයට පත් කිරීම අද (2025 දෙසැම්බර් 05) නාවික හමුදා දායකත්වයෙන් සිදුකෙරිණි.

ඒ අනුව, අයහපත් කාලගුණය හමුවේ ඇතිවූ ජල ගැලීම් හේතුවෙන් හානියට පත්, මාදම්පේ නෙලුම්පොකුන ජල පවිත්‍රාගාරයේ සිට වලහපිටිය ප්‍රදේශයේ පවුල් 2000කට පමණ ජලය බෙදා හැරෙන ජල නල පද්ධතිය පිළිසකර කර අලුත්වැඩියා කිරීම සඳහා නාවික හමුදාවේ සහය ලබාදෙන ලෙස, ජාතික ජල සම්පාදන මණ්ඩලයේ පුත්තලම කාර්යාලය වෙතින් සිදුකල ඉල්ලීමකට අනුව මෙලෙස නාවික හමුදාවේ සහය ලබාදීම සිදුකෙරිණි.

එහිදී ජල ගැලීම් හේතුවෙන් හානියට පත් ජලනල පද්ධතිය නැවත යතාතත්වයට පත් කිරීම සඳහා ජල නල රැගෙන යාම සහ මීටර් 60ක පමණ දුරකට නව ජල නල එලීම නාවික හමුදා දායකත්වයෙන් සිදුකෙරිණි