කොත්මලේ ප්‍රදේශයේ මානුෂීය ආධාර සහ ආපදා සහන සැලසීමට නාවික හමුදාවේ අඛණ්ඩ සහය

ගංවතුරෙන් ආපදාවට පත් ජනතාව වෙනුවෙන් මානුෂීය ආධාර සහ ආපදා සහන සැලසීම ඇතුළු අත්‍යාවශ්‍ය සේවා සැපයීම වෙනුවෙන් දිවයිනම ආවරණය වන පරිදි නාවික හමුදාව ක්‍රියාවට නංවා ඇති විශේෂ වැඩ පිළිවෙල යටතේ, අයහපත් කාළගුණයෙන් ආපදාවට පත් කොත්මලේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාෂයේ, සංගිලි පාලම, පාළුවත්ත, කොන්ඩාගල සහ නියන්ගන්දර ජනතාව වෙත වියලි ආහාර ඇතුළු අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය, කොත්මලේ ජලාශය ඔස්සේ ප්‍රවාහනය කිරීම සඳහා නාවික හමුදාව අද (2025 දෙසැම්බර් 05) සහය විය.

ඒ අනුව, අයහපත් කාලගුණය හමුවේ ඇදහැළුනු අධික වැසි සහ කඳු කඩාවැටීමෙන්, කොත්මලේ; සංගිලි පාලම, පාළුවත්ත, කොන්ඩාගල සහ නියන්ගන්දර යන ගම්මාන වෙත ඇති ප්‍රවේශ මාර්ග අවහිර වීම හේතුවෙන්, එම ගම්මාන ආශ්‍රිතව ජීවත්වන ජනතාව වෙතා බෙදා හැරීම සඳහා වියලි ආහාර ඇතුළු අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය කොත්මලේ ජලාශය ඔස්සේ ප්‍රවාහනය කිරීම සඳහා, කොත්මලේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය වෙත මෙලෙස නාවික හමුදාව සහය විය.