අයහපත් කාලගුණය හේතුවෙන් ආපදාවට පත් ජනතාවගේ ජන ජීවිතය යතාතත්වයට පත් කිරීම වෙනුවෙන් නාවික හමුදාවේ අඛණ්ඩ සහය
අයහපත් කාලගුණය හේතුවෙන් ආපදාවට පත් ජනතාව වෙනුවෙන් මානුෂීය ආධාර සහ ආපදා සහන සැලසීම ඇතුළු අත්‍යාවශ්‍ය සේවා සැපයීම සහ ජන ජීවිතය යතාතත්වයට පත්කිරීම වෙනුවෙන් දිවයිනම ආවරණය වන නාවික හමුදාව වෙතින් ක්‍රියාවට නංවා ඇති විශේෂ වැඩ පිළිවෙල යටතේ, අද දිනයේ (2025 දෙසැම්බර් 05) පුත්තලම, අනුරාධපුරය, මහනුවර, නුවරඑළිය, ත්‍රිකුණාමලය, බදුල්ල සහ මුලතිව් දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි ආපදා සහ සැලසීම හා මානුෂිය ආධාර මෙහෙයුම් සඳහා නාවික හමුදාව දායක විය.
ඒ අනුව, ජල ගැලීම් හේතුවෙන් භාවිතා කිරීමට නොහැකි මට්ටමේ ඇති පානීය ජල ළිං පිරිසිදු කිරීම් යටතේ මාදම්පේ ප්‍රදේශයේ පානීය ජල ළිං 51ක් සහ අනුරාධපුර දිස්ත්‍රික්කයේ පානීය ජල ළිං 19ක්, වශයෙන්, පානීය ජල ළිං 70 ක් පිරිසිදු කිරීම නාවික හමුදාව විසින් සිදුකෙරිණි.
එමෙන්ම, නාවික හමුදාව මඟින් අද දිනයේ මහනුවර ලේවැල්ල පාලම තුල සිරවූ දව කඳන් ඇතුළු කසල ඉවත් කිරීම, හන්තාන සහ හාතලේ මාර්ග වෙත ඇදවැටුණු පස් කඳු ඉවත් කිරීම, පේරාදෙණිය නිල්ලඹේ මාර්ගය පිරිසිදු කිරීම, මා ඔය ජල සම්පාදන මණ්ඩලය පිරිසිදු කිරීම, හලාවත ප්‍රදේශයේ නස්රියා පාසල, සිප්පිකලාන පාසල, සාම විහාරය, උතුරු ආරියගම ශ්‍රී පූර්වාරාමය, පේසාලේ කුඩිරිප්පු ප්‍රදේශයේ පාලමක් ප්‍රථිසංස්කරණය කිරීම සහ තලෛයිමන්නාරම පේසාලේ ප්‍රදේශයේ වැඩිහිටි නිවාසයක් පිරිසිදු කිරීමට දායක විය.
මහනුවර සහ තලාතුඔය ප්‍රාදේශීය ලේඛම් කාර්යාල වෙත වියලි ආහාර පාර්සල් ඇසිරීම සඳහාත්, කොත්මලේ ප්‍රදේශයේ වියලි සලාක බෙදාහැරිම සඳහාත් නාවික හමුදාව දායක වූ අතර, පේරාදෙණිය දුම්රිය පාලම සකස් කිරීම සඳහා නාවික හමුදාවේ කිමිදුම් සහාය ලබාදීම සහ මුලතිව් නයාරු කලපුව ඔස්සේ ඇති පාලම කැඩී ඇති බැවින්, එම කලපුව හරහා ජනතාව වෙත ආරක්ෂිතව ප්‍රවාහන පහසුකම් සැලසීමද අද දිනයේ (2025 දෙසැම්බර් 05) නාවික හමුදාව මඟින් සිදුකෙරිණි.
තවද, නාවික හමුදාව මඟින් ආපදාවටපත් ජනතාව වෙනුවෙන් පිසූ ආහාර පාර්සල් ලබා දීම සඳහා මීතොටමුල්ල, අනුරාධපුරය සහ ආරච්චිකට්ටුව ප්‍රදේශයේ ස්ථානගත කර ඇති ජංගම ආහාර පිසීමේ ස්ථාන මඟින් අද දිනය වනවිට (2025 දෙසැම්බර් 05) ආහාර පාර්සල් 21046ක් ලබා දී ඇත. එමෙන්ම, ප්‍රථිආශ්‍රැති ජල පිරිපහදු මධ්‍යස්ථාන මඟින් සහ ජල බවුසර් මඟින් තෙල්දෙණිය, ආරච්චිකට්ටුව, රාජාංගනය සහ ගෙලිඔය ප්‍රදේශයේ ජනතාව වෙනුවෙන් පානීය ජලය ලීටර් 27200 ක් ලබා දීමටද නාවික හමුදාව කටයුතු කර ඇත.



























































