නාවික හමුදාධිපති ආරක්‍ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ 19 වන පාඨමාලාව සඳහා දේශනයක් පවත්වයි
නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් කාන්චන බානගොඩ, සපුගස්කන්ද ආරක්‍ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ දහනව වැනි (19) මාණ්ඩලික පාඨමාලාව සඳහා දේශනයක් පැවැත්වීම, 2025 දෙසැම්බර් මස 08 වැනි දින එම විද්‍යාලීය ශ්‍රවණාගරයේදී සිදුකෙරිණි.
ඒ අනුව, ආරක්‍ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ ආඥාපති, මේජර් ජෙනරාල්, ශාන්ත හේවගේ විසින් නාවික හමුදාධිපති මාණ්ඩලික විද්‍යාලය වෙත පිළිගැනීමෙන් අනතුරුව, “REFORMS OF THE SRI LANKA NAVY 2030 & BEYOND” යන කාලීන තේමාව යටතේ නාවික හමුදාධිපති විසින් දහනව වැනි (19) මාණ්ඩලික පාඨමාලාවේ නිලධාරීන් අමතමින්, එළඹෙන දශකය සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාවේ උපායමාර්ගික සැලැස්ම 2030 පිළිබඳව පාඨමාලාවේ නිලධාරීන් දැනුවත් කිරීම සිදු කෙරිණි. එහිදී, වර්තමානයේ තාක්ෂණික බලපෑම් ශ්‍රී ලංකා සමුද්‍රීය සීමාව ඉදිරිපස සිදුවන පරිසරයක් තුළ, ශ්‍රී ලංකා නාවික හමුදාව පරිවර්තනීය ගමනක් ආරම්භ කර ඇති බවත්, ප්‍රතිසංස්කරණ සහ උපායමාර්ගික අනුවර්තනය වීමේ ක්‍රියාවලියක් ලෙස එය ‘ශ්‍රී ලංකා නාවික හමුදා උපායමාර්ගික සැලැස්ම 2030 සහ ඉන් ඔබ්බට’ ලෙස හඳුන්වා දී ඇති බවත්, එය හුදෙක් නාවික හමුදාව ධාරිතාමය වශයෙන් පුළුල් කිරීමක් නොවන අතර, අදාළත්වය, කාර්යක්ෂමතාව සහ දූරදර්ශීභාවය පිලිබඳ නාවික උපායමාර්ගික සැලැස්මක් බවත්, ‘මෙහෙයුම් ප්‍රමුඛතාවය’ සහ ‘උපායමාර්ගික අරමුණු ලුහුබැඳීම’ යන මාර්ගෝපදේශක කුළුණු දෙක මත නාවික උපායමාර්ගික සැලැස්ම රඳා පවතින බවත් සිය දේශනය මඟින් නාවික හමුදාධිපති විසින් පාඨමාලාවේ නිලධාරීන් වෙත පැහැදිලි කෙරිණි.
එහිදී, ශ්‍රී ලංකා නාවික හමුදාවේ කාර්යයභාරය පැහැදිලි කල නාවික හමුදාධිපති, ඉන්දියානු සාගරයේ ආරක්‍ෂාව සඳහා කැප වන පාර්ශව කරුවෙකු වශයෙන් දූපත් රාජ්‍යක් ලෙස ශ්‍රී ලංකාවට ඇති ජාත්‍යන්තර බැඳීම ඉටු කිරීම සඳහා, ශ්‍රී ලංකා නාවික හමුදාව සියලු සමුද්‍රීය පාර්ශවයන් සමඟ සහයෝගීත්වයෙන් මෙන්ම, යහපත් අන්තර් ක්‍රියාකාරිත්වයකින් කටයුතු කරන බවත්, ඒ තුළින් සාගර කලාපය ඔස්සේ පැන නගින සාම්ප්‍රදායික නොවන සමුද්‍රීය අභියෝග සඳහා සාමූහිකව ප්‍රථිචාර දැක්වීමට නාවික හමුදාවට අවස්ථාව උදාවී ඇති බවත්, පාඨමාලාවේ නිලධාරීන් දැනුවත් කෙරිණි.
ශ්‍රී ලංකා නාවික හමුදාව, ජාත්‍යන්තර මුහුදේ නිදහස් මුහුදු ගමනාගමනය තහවුරු කිරීමේ සහ සාගරයේ නීතිමය භාවිතය ප්‍රචලිත කිරීමේ මෙහෙයුම් සඳහා දායක වන පසුබිමක, සාගර කලාපයේ නව ප්‍රවණතා සහ අභියෝග සාර්ථකව කළමනාකරණය සඳහා නිවැරදි දැක්මක් හා උපායමාර්ගික සැළැස්මක් අවශ්‍ය බවත්, ඒ සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව ඉදිරි දශකය සඳහා සහ ඉන් ඔබ්බට හැකියාවන්ගෙන්, තාක්‍ෂණයෙන් සහ වෘත්තීය නිපුණ පිරිස් බලයකින් යුතුව පවත්වා ගැනීම හා වෙනස් විය යුතු ආකාරය පිළිබඳව උපායමාර්ගික සැලැස්ම 2030 ඇසුරෙන් පුළුල් විග්‍රහයක් නාවික හමුදාධිපති විසින් සිදු කෙරිණි.
නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් කාන්චන බානගොඩ විසින් 2025 දෙසැම්බර් මස 08 වැනි දින මාණ්ඩලික විද්‍යාලයේ 19 වැනි මාණ්ඩලික පාඨමාලාව වෙනුවෙන් සිදුකල මෙම ආරාධිත දේශනය සඳහා, සපුගස්කන්ද ආරක්‍ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ යුද්ධ හමුදා ප්‍රධාන උපදේශක බ්‍රිගේඩියර් ජීඩීජේසී ප්‍රේමතිලක, නාවික හමුදා ප්‍රධාන උපදේශක කොමදෝරු ඩීඑම්එන්පී දිසානායක, ගුවන් හමුදා ප්‍රධාන උපදේශක ගුවන් කොමදෝරු එන්කේ තනිප්පුලිආරච්චි, බ්‍රිගේඩියර් සම්බන්ධීකරණ, බ්‍රිගේඩියර් එම්එස්පී බණ්ඩාර, ඇතුළු අධ්‍යන හා අනධ්‍යන කාර්ය මණ්ඩලය සහ 19 වැනි මාණ්ඩලික පාඨමාලාවට විදේශීය නිලධාරීන් 26 දෙනෙකු ඇතුළු පාඨමාලාවේ නිලධාරීන් 149 දෙනෙකු සහභාගීවී සිටියහ.
තවද, මෙම අවස්ථාව සනිටුහන් කරමින් සපුගස්කන්ද ආරක්‍ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ ආඥාපති, මේජර් ජෙනරාල් ශාන්ත හේවගේ සහ නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් කාන්චන බානගොඩ අතර සමරු තිළිණ හුවමාරුවක් ද සිදුකෙරිණි.


