නාවික හමුදාවේ 75 වැනි සංවත්සරයට සමඟාමීව නාවික හමුදාධිපති වැලිසර නාවික රණවිරු රැකවරණ මධ්‍යස්ථානයේ රණවිරුවන් හමුවෙයි
ශ්‍රී ලංකා නාවික හමුදාවේ 75 වැනි සංවත්සරයට සමඟාමීව, වැලිසර නාවික රණවිරු රැකවරණ මධ්‍යස්ථානයේ (Anchorage Naval Care Center) නේවාසිකව සිටින නාවික රණවිරුවන් හමු වීම සඳහා අද (2025 දෙසැම්බර් 10) නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් කාන්චන බානගොඩ සහභාගී විය.
ඒ අනුව, මෙම හමුවීමේදි, රණක්‍ෂිතයට පත්ව වැලිසර නාවික රණවිරු රැකවරණ මධ්‍යස්ථානයේ නේවාසිකව සිටින වීරෝධාර නාවික රණවිරුවන්ගේ සුවදුක් විමසා ඔවුන්ව දිරිමත් කළ නාවික හමුදාධිපති, එම රණවිරුවන්ගේ සුභසාධනය වෙනුවෙන් තවදුරටත් අවශ්‍ය කටයුතු සිදුකිරීමට උපදෙස් ලබා දෙන ලදි.


