75 වැනි නාවික හමුදා දිනය වෙනුවෙන් නාවික හමුදාවට ආශිර්වාද පතා අනුරාධපුර සඳහිරු සෑයේ ආලෝක පූජාවක්
ශ්‍රී ලංකා නාවික හමුදාවේ අභිමානවත් 75 වැනි සංවත්සරය නිමිත්තෙන් අනුරාධපුර සඳහිරු සෑ රදුන් ආලෝකමත් කිරීමේ ආලෝක පූජාවක්, 2025 දෙසැම්බර් මස 09 වැනි දින පැවැත්විණි.
ශ්‍රී ලංකා නාවික හමුදාව වසර 75 ක් පුරා පැමිණි දීර්ඝ ගමන් මගෙහිදී මව්බිමේ ස්වෛරීභාවය හා භෞමික අඛණ්ඩතාවය සුරැකීම වෙනුවෙන් ජීවිත පරිත්‍යාගයෙන් කටයුතු කල හා රණක්‍ෂිතයට පත් වීරෝධාර නාවික හමුදා රණවිරුවන් වෙත මෙන්ම, දැනට සේවයේ නියුතු සහ විශ්‍රාමික සියලුම නාවික හමුදා පුද්ගලයින් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් වෙත සෙත්පතා, මෙම ආගමික වැඩසටහන සංවිධානය කෙරිණි.











