නාවික හමුදාවේ 75 වැනි සංවත්සරය නිමිත්තෙන් වයඹ විධාන නාවික රෝහලේදී ලේ දන්දීමේ වැඩසටහනක්
ශ්‍රී ලංකා නාවික හමුදාවේ 75 වෙනි සංවත්සරය වෙනුවෙන්, සමාජමය, පාරසරික හා සදාචාරාත්මක මුලපිරීම් ආවරණය වන පරිදි නාවික හමුදාව ආගමික, පාරසරික හා සමාජ සත්කාරක වැඩසටහන් මාලාවක් පවත්වන ලද අතර, ඒ යටතේ සංවිධානය කළ ලේ දන්දීමේ වැඩසටහනක්, වයඹ විධාන නාවික රෝහල් පරිශ්‍රයේදී 2025 දෙසැම්බර් මස 15 වැනි දින පැවැත්විණි.
ඒ අනුව, ශ්‍රී ලංකා නාවික හමුදාවේ 75 වැනි සංවත්සරයට සමගාමීව, මන්නාරම රුධිර පාරවිලයන මධ්‍යස්ථානයේ රුධිර සංචිත අවශ්‍යතාවය සැලකිල්ලට ගනිමින් සංවිධානය කළ මෙම ලේ දන්දීමේ වැඩසටහන සඳහා, වයඹ නාවික විධානයට අනුයුක්ත නාවික හමුදා පුද්ගලයින් ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වී සිය දායකත්වය ලබාදීමට කටයුතු කෙරිණි.


