නාවික දියත් විධානය විසින් සංවිධානය කරන ලද මුහුදු මාර්ග නීති, දෘශ්‍ය සංඥා සහ ප්‍රායෝගික ගැට පිළිබඳ තරඟාවලිය සාර්ථකව නිමාවට පත්වෙයි
ශ්‍රී ලංකා නාවික හමුදාවේ නෞකා සහ යාත්‍රාවන්ට අනුයුක්ත නිලධාරීන්ගේ සහ නාවිකයන්ගේ වෘත්තීය දැනුම වර්ධනය කිරීම සඳහා නාවික දියත් විධානය විසින් සංවිධානය කරන ලද අන්තර් නෞකා සහ යාත්‍රා මුහුදු මාර්ග නීති (ROR), දෘශ්‍ය මාධ්‍ය සංඥා (Semaphore & Flashing) සහ ප්‍රායෝගික ගැට ගැසිමේ (Rigging) තරඟාවලිය, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් කාන්චන බානගොඩ ගේ ප්‍රධානත්වයෙන් 2025 දෙසැම්බර් මස 14 වන දින නාවික හා සාගරික විද්‍යාපීඨයේ අද්මිරාල් වසන්ත කරන්නාගොඩ ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.
නාවික හමුදාධිපතිගේ උපදෙස් හා මඟපෙන්වීම මත සහ වැඩ බලන ධජ නිලධාරී නාවික දියත් විධානය, කොමදෝරු දනේෂ් පත්බේරිය ගේ අධීක්‍ෂණයෙන් සංවිධානය කරන ලද අන්තර් නෞකා සහ යාත්‍රා මුහුදු මාර්ග නීති (ROR), දෘශ්‍ය මාධ්‍ය සංඥා (Semaphore & Flashing) සහ ප්‍රායෝගික ගැට ගැසිමේ (Rigging) තරඟාවලිය; ප්‍රධාන නෞකා, කුඩා නෞකා/ යාත්‍රා සහ වේග ප්‍රහාරක යත්‍රා යන කාණ්ඩ තුනක් යටතේ පැවැත්විණි.
ඒ අනුව, මුහුදු මාර්ග නීති තරඟාවලියේ විශාල නෞකා අතර පැවති තරඟයේ ප්‍රථම ස්ථානය ශ්‍රී ලංකා නාවික නෞකා ශ්‍රීලංනානෞ සිඳුරළ නෞකාවේ, උප ලුතිනන් ආර්එම්අයිකේබි ඒකනායක විසින් දිනාගත් අතර, එහි දෙවන ස්ථානය ශ්‍රී ලංකා නාවික නෞකා පරාක්‍රමබාහු නෞකාවේ, උප ලුතිනන් ඩබිජිආර්එල් බංඩාර විසින් දිනා ගැනීමට සමත්විය.
කුඩා නෞකා හා යාත්‍රා අතර පැවති තරඟයේ ප්‍රථම ස්ථානය ශ්‍රී ලංකා නාවික නෞකා රත්නදීප නෞකාවේ ලුතිනන් එම්ඩබ්පීඑස්කේ අබේසේකර විසින් දිනාගත් අතර එහි දෙවන ස්ථානය මිහිකත නෞකාවේ, ලුතිනන් එස්වි මුණසිංහ විසින් දිනා ගැනීමට සමත්විය.
වේග ප්‍රහාරක යාත්‍රා කාණ්ඩයෙන් පළමු ස්ථානය පී 439 යාත්‍රාවේ ලුතිනන් ඒඒඩිඒ පෙරේරා විසින්ද, එහි දෙවන ස්ථානය පී 481 යාත්‍රාවේ ලුතිනන් ඩිපිටිඩි අමරරත්න විසින්ද දිනාගත් අතර, මුහුදු මාර්ග නීති සඳහා දක්‍ෂතම නිලධාරියාට හිමි සම්මානය ශ්‍රී ලංකා නාවික පී 439 යාත්‍රාවේ, ලුතිනන් ඒඒඩිඒ පෙරේරා විසින් දිනාගැනීමට සමත් විය.
දෘශ්‍ය සංඥා කාණ්ඩයේ, විශාල නෞකා අතර පැවති තරඟයේ පළමු ස්ථානය ශ්‍රී ලංකා නාවික නෞකා ගජබාහු නෞකාව විසින් දිනාගත් අතර, එහි දෙවන ස්ථානය ශ්‍රී ලංකා නාවික නෞකා විජයබාහු නෞකාව විසින් දිනාගැනීමට සමත් විය. කුඩා නෞකා හා යාත්‍රා අතර පැවති තරඟයේ ප්‍රථම ස්ථානය ශ්‍රී ලංකා නාවික නෞකා උදාර නෞකාව විසින් දිනාගත් අතර, එහි දෙවන ස්ථානය ශ්‍රී ලංකා නාවික නෞකා මිහිකත නෞකාව විසින් දිනා ගැනීමට සමත්විය. වේග ප්‍රහාරක යාත්‍රා අතර පැවති තරඟයේ ප්‍රථම ස්ථානය පී 421 හා පී 436 යාත්‍රා අයත් ‘A’ කණ්ඩායම විසින් සහ එහි දෙවන ස්ථානය පී 4445 හා පී 437 යාත්‍රා අයත් ‘B’ කණ්ඩායම විසින් දිනාගත් අතර, දක්‍ෂතම දෘශ්‍ය සංඥාකරු ලෙස ශ්‍රී ලංකා නාවික නෞකා උදාර නෞකාවේ, නායක සංඥා ඩබ්එම්ඩිඩිබි විජේකොන් විසින් සම්මාන දිනා ගැනීමට සමත් විය.
ප්‍රායෝගික ගැට ගැසීම යටතේ විශාල නෞකා අතර පැවති තරඟයේ ප්‍රථම ස්ථානය ශ්‍රී ලංකා නාවික නෞකා සිඳුරළ නෞකාව විසින් දිනාගත් අතර, එහි දෙවන ස්ථානය ශ්‍රී ලංකා නාවික නෞකා ගජබාහු නෞකාව විසින් දිනාගැනීමට සමත් විය. කුඩා නෞකා අතර පැවති තරඟයේ ප්‍රථම ස්ථානය ශ්‍රී ලංකා නාවික නෞකා මිහිකත නෞකාව විසින් දිනාගත් අතර, එහි දෙවන ස්ථානය ඒ 521 නෞකාව විසින් දිනාගැනීමට සමත් විය. වේග ප්‍රහාරක යාත්‍රා අතර පැවති තරඟයේ ප්‍රථම ස්ථානය පී 421 යාත්‍රාවත් එහි දෙවන ස්ථානය පී 435 යාත්‍රාවත් දිනාගත් අතර, දක්‍ෂතම ගැටගසන්නාට හිමි සම්මානය පී 421 යාත්‍රාවේ, ලුතිනන් එම්එෆ්එම් ඉර්ෆාන් විසින් දිනා ගැනීමට සමත් විය.
මෙම අවස්ථාවේදී අදහස් දැක්වූ නාවික හමුදාධිපති, නාවික හමුදාවක වෘත්තීය සහ සම්ප්‍රධායන් රැක ගැනීම හා යාවත්කාලීන කිරීම සඳහා මුහුදු මාර්ග නීති, දෘශ්‍ය මාධ්‍ය සංඥා සහ ප්‍රායෝගික ගැට ඇතුළු නාවික ශිල්ප ක්‍රම ප්‍රගුණ කිරීමේ වැදගත්කම අවධාරනය කරමින් ජයග්‍රාහකයන් වෙත සුභ පැතීමට කටයුතු කෙරිණි. තවද, මෙම තරඟාවලිය සඳහා සම්බන්ධ වීමට නොහැකි වු නාවික හමුදා පුද්ගලයන් නව මුහුණුවරකින් ඒ සඳහා ඉදිරිපත්වනු ඇතැයි සහ තරඟාවලියට ඉදිරිපත්වී ජයග්‍රහන නොලද නාවික හමුදා පුද්ගලයන් මේ සම්බන්ධ දැනුම තවදුරටත් වර්ධනය කරගනු ඇතැයි අපේක්‍ෂා කරන බව පැවසූ නාවික හමුදාධිපති, මෙම තරඟාවලිය සාර්ථකව සංවිධානය කිරීම පිළිබඳව දියත් විධානය වෙත සිය ප්‍රනාමය පලකිරීමටද එහිදී කටයුතු කෙරිණි.


