නාවික හමුදා නිලධාරීන් 25 දෙනෙකු ආරක්ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ 19 වැනි මාණ්ඩලික පාඨමාලාව සාර්ථකව සම්පූර්ණ කරයි
සපුගස්කන්ද, ආරක්ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ මාණ්ඩලික පාඨමාලාව සම්පූර්ණ කල දහනව වැනි (19) පාඨමාලාවට අයත් නිලධාරීන් වෙත සහතික හා කුසලාන ප්‍රදානය කිරීම, ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ගරු අග්‍රාමාත්‍ය ආචාර්ය හරිණි අමරසූරිය මෙණවියගේ ප්‍රධානත්වයෙන් කොළඹ, නෙළුම් පොකුණ රඟහලේදී, 2025 දෙසැම්බර් මස 16 වැනි දින පැවැත්වුණු අතර, එම අවස්ථාව සඳහා නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් කාංචන බානගොඩ සහභාගී විය.
2025 වර්ෂයේ ජනවාරි මස 06 වැනි දින ආරම්භ වූ දහනව වැනි (19) ආරක්ෂක සේවා අණ හා මාණ්ඩලික පාඨමාලාව සඳහා ශ්‍රී ලංකා යුද හමුදාවේ නිලධාරීන් 74 ක්, ශ්‍රී ලංකා නාවික හමුදාවේ නිලධාරීන් 25 ක් සහ ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ නිලධාරීන් 24 ක් ඇතුලත්වේ. එමෙන්ම; ඉන්දියාව, රුවන්ඩාව, පාකිස්තානය, සෞදි අරාබිය, සැම්බියාව, බංග්ලාදේශය, ඉන්දුනීසියාව, මාලදිවයින, නේපාලය, චීනය සහ ඕමානය යන විදෙස් රාජ්‍යන් නියෝජනය කරමින් යුද හමුදා නිලධාරීන් 14 ක්, නාවික හමුදා නිලධාරින් 04 ක් සහ ගුවන් හමුදා නිලධාරින් 08 ක් වශයෙන් විදෙස් නිලධාරීන් 26 ක් ඇතුළුව, නිලධාරින් 149 දෙනෙකු 19 වැනි අණ හා මාණ්ඩලික පාඨමාලාවට ඇතුලත් විය.
ඒ අනුව, මාණ්ඩලික පාඨමාලාව සාර්ථකව සම්පූර්ණ කර මාණ්ඩලික සුදුසුකම් ලබා ගත් (Passed Staff College - psc) නාවික හමුදා නිලධාරීන් 25 දෙනෙකු එහිදී සහතික පත් ලබාගත් අතර, කොමාණ්ඩර් (අවි) මංජුල හේවාසිංහ Golden Owl සම්මානය හා සේනා විධායක ගෞරව සම්මානයත්, ලුතිනන් කොමාණ්ඩර් (සැ) කපිල බණ්ඩාර පාඨමාලාවේ හොඳම පර්යේෂණ වාර්තාව සඳහා වන Golden Pen සම්මානයත් හිමිකර ගැනීමට සමත් විය.
තවද, මෙම අවස්ථාව සඳහා රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන්, ගරු නියෝජ්‍ය ආරක්ෂක අමාත්‍ය මේජර් ජෙනරාල් අරුණ ජයසේකර (විශ්‍රාමික), ආරක්‍ෂක අමාත්‍යංශයේ ලේකම්, එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා (විශ්‍රාමික), යුද්ධ හමුදාධිපති, ලුතිනන් ජෙනරාල් ලසන්ත රොද්‍රිගු, ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් වාසු බන්දු එදිරිසිංහ, ආරක්‍ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ ආඥාපති මේජර් ජෙනරාල්, ශාන්ත හේවගේ, ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්‍ෂක විශ්ව විද්‍යාලයේ උපකුලපති රියර් අද්මිරාල් ධම්මික කුමාර (විශ්‍රාමික), ත්‍රිවිද හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, ආරක්ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ අධ්‍යන හා අනධ්‍යයන කාර්ය මණ්ඩලය සහ 19 වැනි මාණ්ඩලික පාඨමාලාවට අයත් නිලධාරීන් ඇතුළු සම්භාවනීය ආරාධිතයන් පිරිසක් සහභාගිවී සිටියහ.


