නාවික හමුදාවේ 264 වැනි බඳවා ගැනීම යටතේ ආධුනික නාවිකයින් 286ක් පුහුණුව සඳහා අනුයුක්ත වෙයි

ශ්‍රී ලංකා නාවික හමුදාවේ 264 වැනි ආධුනික බඳවා ගැනීම යටතේ බඳවාගත් ආධුනික නාවිකයින් දෙසීය අසූහය දෙනෙකු (286) පුහුණුව සඳහා අනුයුක්ත කිරීම, 2025 දෙසැම්බර් 17 සහ 18 යන දෙදින සිදුකෙරුණු අතර, නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් කාන්චන බානගොඩ විසින් නාවික හමුදාව ආධුනිකයන්ගෙන් අපේක්‍ෂිත අරමුණ පිළිබඳව ආධුනික නාවිකයන් දැනුවත් කිරීම, නාවික අනුඛණ්ඩ කොළඹ පිහිටි අද්මිරාල් සෝමතිලක දිසානායක ශ්‍රවණාගාරයේදී සිදුකෙරිණි.

ඒ අනුව, 264 වැනි බඳවා ගැනීම යටතේ; යාත්‍රික, නාවික පාබල, විනයාරක්‍ෂක, සංඥා, ශාරීරික අභ්‍යාසක, ඉංජිනේරු කාර්මික, ප්‍රවාහන සහයක, විදුලි හා විද්‍යුත් ඉංජිනේරු, ගබඩා සහකාර, ලිපිකරු, සූපවේදි, භෝජනවේදි, වෛද්‍ය හා දන්ත වෛද්‍ය, තොරතුරු තාක්‍ෂණ, සිවිල් ඉංජිනේරු, මෝටර් රථ ඉංජිනේරු කාර්මික, වාදක සහ ස්වේච්ඡා පොදු යන අංශ යටතේ ආධුනික නාවිකයන් දෙසීය අසූහය දෙනෙකු (286) පුහුණුව සඳහා අනුයුක්ත විය.